සපුගස්කන්ද තෙල්පිරිහදුව අසල ගමන් බෑගයක දමා තිබිය දී හමුවූ ඝාතනය කළ බවට සැක කරන කාන්තා මළ සිරුර ඇයගේ සැමියා විසින් අද (05) උදේ රාගම රෝහලට පැමිණ හඳුනාගෙන තිබේ.
මෙම කාන්තාව මාළිගාවත්ත මහල් නිවාස සංකීර්ණයේ පදිංචි මොහොමඞ් සාෆික් ෆාතිමා නැමැති (45) හැදිවිරිදි දෙදරු මවක් බව අනාවරණය වී ඇත.
මළසිරුර හඳුනාගැනීමෙන් පසු ඇයගේ සැමියා පවසා ඇත්තේ ඉකුත් 29 වෙනිදා ඇය හිතවත් කාන්තාවක් මුණ ගැසීමට තවත් කාන්තාවක් සමග මාළිගාවත්තේ සිට බ්ලූමැන්ඩල් ප්‍රදේශයට ගොස් ඇති බවත් එතැන් සිට ඇය අතුරුදන්ව සිටි බවත්ය.
මෙයට පෙර එම කාන්තාව මේ නිවසට ආ ගිය නමුත් ඇය අතුරුදහන් වූ දිනයේ එම නිවසට පැමිණ නැතැයි නිවැසියෝ පොලිසියට ප්‍රකාශ කර සිටිති. මේ ප්‍රකාශයට අනුව පොලිසිය විසින් එම නිවස අවට ආරක්ෂක කැමරා පරීක්ෂාවක්ද කර තිබේ. එහිදීත් පෙනී ගොස් ඇත්තේ මේ කාන්තාව එම නිවසට පැමිණ නැති බවය.
මේ වනවිට මරණකාරිය සමග පැමිණි කාන්තාව පිළිබඳ සොයන්නට පටන් ගෙන ඇති නමුත් ඇය පිළිබඳව තවම නිශ්චිත තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබේ.
මේ කාන්තාවගේ අතුරුදහන් වීම සම්බන්ධව ඇයගේ සැමියා බ්ලූමැන්ඩල් පොලීසියට ඉකුත් 30 වෙනිදා පැමිණිල්ලක් ද කර තිබේ.
මළසිරුර හමුවන අවස්ථාව වනවිට එය පැවතියේ හඳුනාගත නොහැකි මට්ටමට නරක් වී තිබිණි. පොලිසිය දිටගට විමර්ශන පවත්වයි.