අද 22 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 44 දෙනෙකු සභාගැබේ නොසිටි අතර, එයින් 40කට වැඩි පිරිසක්, බැසිල් රාජපක්ෂ මහතාට හිතෛෂී මන්ත්‍රීවරුන් බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තවදුරටත් පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධානතම චරිත දෙකක් වන හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග යන මන්ත්‍රීවරු දෙදෙනා දක්නට ලැබීම කැපී පෙනන දසුනක් වූ බවයි.
පොදු ජන පෙරමුණ 22 වැනි සංශෝධනයේදී මුලින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවේ අසුනක් ලබා ගැනීම අහිමි කිරීම සම්බන්දධයෙන් තර්ක කළ අතර ඔවුන් එහිදී සඳහන් කළේ මෙම සංශෝධනය බැසිල් රාජපක්ෂ මහතා ඉලක්ක කරගෙන සිදු කරන්නක් බැවින් එයට විරුද්ධ වෙන බවයි.
මේ අතර, පොදු ජන පෙරමුණේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාගේ පක්ෂය නියෝජනය කරන මහාචාර්ය චන්න ජයසුමන මාධ්‍යයට පවසා තිබුණේ ද්විත්ව පුරවැසි භාවය හිමි මන්ත්‍රීවරුන් දසදෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ සිටින අතර සංශෝධනයෙන් පසු ඔවුන් වහාම මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.







