ඇල්ල මිනි ඇඩම්ස් කඳු මුදුන තරණය කරමින් සිටි විදේශීය ජාතිකයෙකු අද (13) අලුයමදී අඩි 50ක පමණ ප්‍රපාතයකට වැටී ඇති බව වාර්තා වේ.
එක්සත් රාජධානියේ සිට පැමිණ ඇති මෙම තරුණයාට බරපතළ තුවාල සිදු නොවූ අතර, ඔහුගේ පාදය කැඩී ඇති බවට විශ්වාස කෙරෙන අතර, පසුව ඔහු දියතලාව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඇල්ල සංචාරක පොලිසිය ත්‍රිරෝද රථ රියදුරන් සහ අවට හෝටල්වල සේවකයන් පිරිසක් සමඟ එක්ව මෙම අනතුරත් සමඟ බ්‍රිතාන්‍ය ජාතික සංචාරකයා රෝහල් ගත කර තිබේ.