සමෘද්ධි බැංකු පද්ධතිය සතු අතිරික්ත මුදල් කෝටි ගණනක් රජයේ ප්‍රධාන බැංකු දෙකේ ආයෝජනය කරන තිබෙන බවත් මෙම මුදල්වල සැබෑ හිමිකරුවන්වන ලක්ෂ 41 ක් වූ ගනුදෙනු කරුවන් ලවා ඉතා නුදුරේදීම ඒවා සමෘද්ධි බැංකුවට ලබා ගැනීමට පියවර ගන්නා බවත් සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු හා මහා සංගම් කාර්යාල නිලධාරීන් ගේ සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී අබේසිංහ පවසයි.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මතව තිබෙන දිවි නැගුම පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුව අස්වැසුම සුබසාධන සහනාධාර ගෙවීම රජයේ වාණිජ බැංකු වලට ලබා දීමට තීරණය කර තිබෙන්නේ සමෘද්ධි බැංකු පද්ධතිය බිඳ දැමීමට බවත් එයට ජනතාවගෙන් පිළිතුරු ලැබෙන ආකාරය බෙහෙවින්ම නරක වනු ඇති බවත් සභාපති වරයා පැවසුවේය.
මහනුවර දී අද (13) පැවති “සමෘද්ධි බැංකු හිමිකරුවන් ගේ ජනතා හඬ” මාධ්‍ය මාධ්‍ය හමුවේ දී සභාපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
අදාළ මුදල් ලබා ගැනීමෙන් පසු වාණ්ජ බැංකු වලට වඩා අඩු පොළියට ගනුදෙනු කරුවන්ට ණය ලබා දෙමින් අත්තනෝමතික ලෙස තීරණ ගෙන සමෘද්ධි බැංකු බිඳ දැමීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුවේ මහදැන මුත්තලාට අපූරු පාඩමක් කියදෙන බවද සභාපතිවරයා කීවේය.
දිවි නැගුම පනත පැත්තකට දමා ජනපතිවරයාටත් මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහටත් කැබිනට් මණ්ඩලයටත් අවශ්‍යය ලෙස තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් රජය විසින් සපයනු ලබන සහනාධාර මුදල් වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යෑම දිවි නැගුම ප්‍රජා මූල සංවිධාන බැංකු මගින් කළ යුතු බව පනතේ පැහැදිලිව දක්වා තිබෙන බවත් කී සභාපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මේ සම්බන්ධයෙන් හඬ නොනැගීම තුළ 225 ම එකයි ලෙස ජනතාව කරන චෝදනාව තවදුරටත් තහවුරු වන්නේ යැයි ද අවධාරණය කළේය.
රජයේ සහනාධාර වැඩපිළිවෙළ සමෘද්ධි බැංකු වලින් ඉවත් කර වාණිජ බැංකු වෙත ලබාදීමේ ලොකුම වුවමනාව ඇතිව තිබෙන්නේ හිටපු සමෘද්ධි ඇමැතිවරයෙකු වන ෂෙහාන් සේමසිංහට බව ද ඔහු පැවසුවේය.
ගනුදෙනු කරුවන් හතළිස් එක් ලක්ෂයකට අයිති රුපියල් බිලියන ගණනක වත්කම් සමෘද්ධි බැංකු 1089 ක් සතුව තිබෙන බවත් මේවා රැක ගැනීම සඳහා දිවි හිමියෙන් සටන් කරන බවත් සභාපතිවයා පැවසුවේය.
සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරීන් ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඒ.වී බස්නායක, සමෘද්ධි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන එම්.ජී ආනන්ද , සරත් බණ්ඩාර එක් වී සිටියහ.