ශ්‍රියානි විජේසිංහ –
හම්බන්තොට රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා විදේශ ගතවීම හේතුවෙන් ඇතිව තිබෙන පුරප්පාඩුව පුරවා ගැනීමට තංගල්ල හෝ ඇඹිලිපිටිය රෝහල්වලින් විශේෂඥ නිර්වින්ද වෛද්‍යවරයෙකුගේ සේවය ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
මේ වන විට වෛද්‍යවරු 667ක් විදේශ රටවල පුහුණුව ලබන අතර එම පුහුණුව නිමකර මෙරටට පැමිණෙන පළමු නිර්වින්දන වෛද්‍යවරයා හම්බන්තොට රෝහලට ලබා දෙන බවද ලංකාසර කළ විමසුමකදි අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පැවසුවේය.
හම්බන්තොට රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයා හොර රහසේම විදේශ ගතවීම හේතුවෙන් රෝහලේ සැලසුම්කල සැත්කම් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයෙක් නොමැති විම හේතුවෙන් බිඳ වැටෙනු ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අතර හම්බන්තොට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනුයේ හෙට (14) දිනයේදී විකලාංග සැත්කම් සිදුකිරිමට රෝගීන් රෝහල් ගත කර ඇති අතර අනිද්දා (15) දිනයේදී මෞත්‍රලිංගික සැත්කම් සදහා ත් ඉතිරි දිනවලදී ද වෙනත් සැත්කම් සඳහාත් රෝගීන් රෝහල් ගතව ඇති බවය.