පාර්ලිමේන්තු බහුතරය පෙන්වීමට නොහැකි වීමත් සමගම අගමැතිවරයා ධූරයේ රැඳී සිටීම පිළිබඳ කැමැත්ත පක්ෂයේ බිම් මට්ටමින් විමසා බලා එය මත පදනම්ව ගිලිහුණු පොහොට්ටු මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ අවසන් බල ව්‍යාපෘතිය වෙත අගමැති මහින්ද රාජපක්ෂ පිවිස ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියයි.
රටේ අර්බුදය ගැන සාකච්ඡා කිරීමේ තේමාව මත පොහොට්ටුවට සම්බන්ධ හිටපු පළාත් සභා නියෝජිතයන්, දැනට ක්‍රියාත්මක නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජනයන් සහිත බිම් මට්ටමේ දේශපාලන ක්‍රියාධරයින් අද (26) අරලියගහ මන්දිරයට ගෙන්වා පවත්වන විශේෂ රැස්වීමක දී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස තව දුරටත් ධූරයේ රැඳී සිටීම සම්බන්ධව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිත බව එම ආරංචි මාර්ග හෙළිදරවු කරයි.
එහි පරමාර්ථය පක්ෂයේ බිම් මට්ටමේ මතය තහවුරු කර පක්ෂයේ මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අත්සන් 113 සම්පූර්ණ කරගැනීම බව වාර්තා වේ.







