සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බස් ගාස්තුවට රුපියලක් අඩු වී 72 හැවිරිදි වකුගඩු රෝගී තාත්තාට කොන්දොස්තර පහර දීලා…

by editor
මැයි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

බස් ගාස්තුවට රුපියලක මුදලක් අඩුවෙන් ලබාදීම නිසා අවුරුදු 72 වයසෙ පසු වන වකුගඩු රෝගියෙකුට අද( 05) දහවල් පොලොන්නරුව ඩිපෝවට අයත් බස් රථයක් තුළ දී කොන්දොස්තරවරයෙකු විසින් පහරදීමෙන් එම රෝගියා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලොන්නරුව මහ රෝහලට රෝගියා ඇතුළත් කරීමෙන් පසු එම සිද්ධිය පිළිබඳව තරුණයෙක් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම නිසා අදාල කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව පොලිසිය කටයුතු කර ඇත.
කොන්දොස්තරවරයාගෙන් මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ, දිඹුලාගල නුවරගල අංක 90. පිහිටිවැව ලිපිනයේ පදිංචි ඒ. සයිමන් නැමැති 72 දී සිව් දරු පියෙකි.

ඔහුගේ බිරියට දෑස් නොපෙනෙන අතර ඔහු තනිව වකුගඩු රෝගය සඳහා බෙහෙත විදගැනීමට පොළොන්නරුව වකුගඩු රෝහලට යෑමට බසයට ඇත. බස් ගාස්තුව ලබාදීමේ දී රුපියලක් අඩු බව කී කොන්දොස්තරවරයා මෙම වියපත් මිනිසාට පහර දී ඇත.

ඔහු කදුරුවෙල සිට වකුගඩු රෝහල් සඳහා ගමන් කිරීමට රුපියල් 30 ක මුදලක් කොන්දොස්තරවරයාට ලබාදී ඇත. රුපියලක් අඩු නිසා කොන්දොස්තරවරයා පරුෂ වචනයෙන් බැන මෙම වියපත් මිනිසාට පහර දුන් බවත් එම පහරදීම් වීඩියෝ ගත කළ තරුණයෙකුගේ ජංගම දුරකථනයද කොන්දොස්තරවරයා විසින් උදුරා ගෙන ඇති බවත් තරුණයා පොලිසියට පැමිණිලි කර අතැයි පරීක්ෂණ සිදුකරන පොලිසිය පවසයි.

පහර දෙන සිද්දිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර හා ඇසින් දුටු පොලොන්නරුව නවනගරය 87 /58 ලිපිනයේ පදිංචි 27 වියති ඒස්.ඒ අසංක රුක්මල් යන අය විසින් එම පහර කෑ වකුගඩු රෝගියා රෝහල් ගතකර පොලිසියට පැමිණිලි කර ඇත.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පහර කෑ වකුගඩු රෝගියා පොළොන්නරුව මහ රෝහලේ 12 වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
අප මෙම පහරදීම් පිළිබඳව අදාල 30 ශ්‍රි 3484 බස් රථයේ කොන්දොස්තරවරයා වන එච්. එම්. සමන් දයාගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී සඳහන් කළේ පහරදීමක් සිදු නොකළ බවත්,තමන් පොලිසියේ සිටින බැවින් උත්තර ලබා දිය නොහැකි බවයි.

අනතුරුව අප පොලොන්නරුව ඩිපෝ අධිකාරි ජී.ආර්. ජයතිස්සගෙන් ඒ පිළිබඳ දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ පහරදීමක් ගැන හදිසි දුරකථන අංකය මගින් තමාව දැනුවත් කර ඇති බවත්, අදාළ කොන්දොස්තරවරයා පොලොන්නරුව පොලිසියට යොමු කර තම ආයතනය මගින් ඒ පිළිබඳ පරීක්ෂණයක් සිදු කරන බවත්ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඳුළු ගෑස් ගසා විසුරුවා හැරිය අන්තරේ උද්ඝෝෂකයෝ යළි එති… පාර්ලිමේන්තු මාර්ග බාධකය අසල රැය පහන් කිරීමට සූදානම්!

Next Post

කොළඹ ස්ථිර මාර්ග බාධක ඉවත් කරන්න… මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් පිරිසක් අධිකරණයට යති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.