කඳුළුගෑස් ගසා විසුරුවා හරින ලද සරසවි ශිෂ්‍ය විරෝධතාකරුවන් යළිත් පාර්ලිමේන්තු ප්රවේශයේ මාර්ග බාධකය අසලට පැමිණ දැවැන්ත උද්ඝෝෂණයක් අරඹා තිබේ.
කැරලි මර්ධන පොලිස් කණ්ඩායම් මාර්ග බාධක පසුපස සූදානමින් සිටිති. මේ අතර අන්තර් විශ්විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කීවේ මේ ඩීල් පාර්ලිමේන්තුවට එරෙහිව අද රෑ එම මාර්ග බාධකය අසල රැය පහන් කරන බවය.