සුනඛයෙක් ව අපයෝජනයට ලක්කළ බවට මාධ්‍ය හමුවක් පවත්වමින් ආශු මාරසිංහට චෝදනා එල්ල කළ සමගි වනිතා බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදනට අපහාස කිරීම සම්බන්ධයෙන් රුපියල් බිලියන 1.5ක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ඔහු විසින් එන්නරවාසී යොමුකර තිබේ.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ආදර්ශා කරදන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එල්ල කළ සියලු චෝදනා අසත්‍ය බව මහාචාර්ය ආශු මාරසිංහ සිය එන්තරවාසියෙන් පෙන්වාදී ඇත.
පසුගිය 23 වන දින සමගි වනිතා බලවේගයේ හිරැණිකා ප්‍රේමචන්ද්‍රට සහ ආශු මාරසිංහ සමග වයිවාහක ජීවිතයක් ගතකළ බව පැවසූ ආදර්ශා කරදන මාධ්‍ය හමුවක් පවත්වමින් මහාචාර්ය ආශු මාරසිංහ සුනඛයෙකු අපයෝජනයට ලක්කළ බවට චෝදනා එල්ල කළේය.
මහාචාර්ය ආශු මාරසිංහ පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළකිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නීරූපනයක් ලබාදීමෙන් තමාට අපහාසයක් සිදුවූ බව සිය එන්තරවාසියෙන් ඔහු පෙන්වා දී තිබේ.
මාධ්‍ය සාකච්ඡාව මගින් මහජනතාව නොමඟ යැවීමට හා එමගින් අයුතු ආකාරයෙන් මහජන මතයක් මහාචාර්ය ආශු මාරසිංහ ට එරෙහිව ගොඩනගමින් ඒ මහතාගේ කීර්ති නාමයට හානි කළ බවත් හෙතෙම පෙන්වා දෙයි.
මහාචාර්ය ආශු මාරසිංහ සිය නීතිඥවරුන් මගින් තමාට සිදුවූ අපහාසයට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ට රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරදනට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස දන්වා එන්තරවාසි යොමු කර තිබේ.
එම එන්තරවාසි මගින් දන්වා ඇත්තේ පසුගියදා ඔවුන් කරන ලද මාධ්‍ය සාකච්ඡාවේ සියලු තොරතුරු අසත්‍ය බවය.









