මනම්පිටිය නිමල් ජයරත්න –
පොළොන්නරු දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් හේතුවෙන් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජල මට්ටම
අද (27 ) සවස වන විට බලාපොරොත්තු නැති ලෙස සිග්‍රයෙන් ඉහළ ගියේය.
ඊයේ සවස සිට සමුද්‍රයේ වාන් දොරටු දහයම විවෘත වී තිබිණි. ඒ දොරටු 10න් මේ වනවිට දොරටු අටක් අඩි හතර බැගින්ද, දොරටු දෙකක් අඩි තුන බැගින් ද විවෘත කර ඇත. මේ වනවිට ජලාශයෙන් තත්පරයට ඝන අඩි 3,786 ක ජලධාරීතාවයක් මහවැලි ගඟට මුදාහැරීමට කටයුතු කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් වාරි ඉංජිනේරු අංජන අබේසිංහ සඳහන් කළේය.







