කීර්ති ප්‍රනාන්දු –
වර්ෂ 2020 අධ්‍යාපන පොදු සහතිකපත්‍ර සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටි බන්ධනාගාර රැඳවියන් සිවු දෙනෙක් විභාගයෙන් සමත් වී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
මෙසේ විභාග සමත්ව සිටින රැඳවියන් 04 දෙනා මැගසින් බන්ධනාගාරයේ හා වටරැක බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන්ය.
එහිදී කොළඹ මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් හා සැකකරුවෙක් ඉතා ඉහළින් විභාගය සමත් වී සිටිති.
බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක ( පාලන හා පුනරුත්ථාපන) සඳහන් කළේ මෙම රැඳවියන් සිවු දෙනා කොළඹ මැගසින් බන්ධනාගාරයේ සහ වටරැක එළිමන් සිර කඳවුරේ සුනීත පාසලේ විභාග මධ්‍යස්ථාවලදී විභාගයට පෙනී සිටි බවය.







