ප්‍රතිශක්තිකරණ එන්නත අද දිනයේදී ලබා ගත් ළමුන්ට උණ, ඇගපත වේදනාව, හිසේ කැක්කුම් වැනි ලක්ෂණ මතුවිය හැකි බැවින් ඒ පිලිබඳව කිසිදු බියක් ඇති කර නොගන්නා ලෙස ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා සඳහන් කරයි.
උණ තදින් පවතින්නේ නම් පැරසිටමෝල් ඖෂධය පමණක් දරුවාගේ බරට නියමිත මාත්‍රාවෙන් ලබා දිමට කටයුතු කරන්නැයිද හෙතෙම සඳහන් කරයි.
යම් හේතුවකින් දරුවාගේ පපුවේ ඇතිවන තදබල වේදනාවක් හුස්මගැනීමේ අපහසුතාවක් ඇති වන්නේ නම් ළගම ඇති රෝහල් වෙත හෝ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත දරුවා යොමුකරවන්නැයිද ඒ මහතා සඳහන් කරයි.
දරුවාට එන්නත ලබා දුන් ස්ථානයේ රත්පැහැ ගැන්වීමක්, ඉදිමීමක්, කැසීමක් , හෝ වේදනාවක් ඇතිවිය හැකි බැවින් ඒ පිලිබඳව කිසිදු ප්‍රතිකාරයක් කිරීමට කටයුතු නොකරන්නැයිද ඉල්ලා සිටියි.
මෙම එන්නත ලබා ගැනිම සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවනව බවත් පෙන්වා දෙන විශේෂඥ වෛද්‍යවරයා, විවිධ මිත්යාමතයන්ට රැවටී දරුවාට ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා නොදීමට කටයුතු නොකරන්නැයිද දෙමාපියන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
විවිධ සංකූලතාවන්ගෙන් යුතු සහ නිදන්ගත රෝගයන්ගෙන් පෙළන අවුරුදු 12 -19 අතර වයසේ පසුවන දරුවන් වෙනුවෙන් එන්නත්කරණය අද රිජ්වේ ආර්යා ළමා රෝහල ඇතුළ රෝහල් දෙකක සිදුවූ අතර අද උදෑසන එන්නත්කරණය ආරම්භ වූ බව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියයි.