ශ්‍රී ලංකේය පුවත්පත් කලාව තුළ සාධනීය පෙරළියක් කළ පෙරටුගාමී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයෙක් පරිපාලකයෙක් සහ නව මාධ්‍ය සංස්කෘතියක් ඇති කළ පූරකවරයෙක් ලෙස සම්භාවනාවට ලක් වූ බන්දුල පද්මකුමාර සහෘදයානන් අප දිවි සැරියෙන් සමුගත් බව සංවේගයෙන් යුතුව දන්වා සිටිමු.
තාරුණ්‍යයට ආමන්ත්‍රණය කරන සඟරාමය මාධ්‍ය කලාවේ පුරෝගාමියා වූ බන්දුල පද්ම කුමාර ජාතික පත්තර කලාවේ විශේෂතා රැසක් එක්කරමින් සම්භාවනාවට ලක් වූ ලක්බිම පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේය.
පුවත්පත් කතුවැකි සහ ආකර්ශනීය පුවත් රූපවාහිනියෙන් හඳුන්වාදෙන සංකල්පය මුල්පිටුව නමින් ස්වර්ණවාහිනිය ඔස්සේ ආරම්භ කරනු ලැබුවේ ඔහුය.
ලෙක් හවුස් ආයතනයේ සභාපතිවරයා ලෙසත් බන්දුල පද්මකුමාරයන් කටයුතු කළේය.
කලක් රෝගාතුරව සිටි පද්මකුමාරයන් වකුගඩු බද්ධ සැත්කමකින් පසු සුවය ලබමින් සිටියේය.
අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.