දිනසේන රතුගමගේ –
මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි දෙමළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දී තිබූ ප්‍රශ්න පත්‍රවල වැරදි රාශියක් ඇති බැවින් එම සිසුන්ට සාධාරණයක් ඉටු කරන ලෙස දෙමළ ජාතිකසන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විභාග කොමසාරිස්වරයා ඇතුලු සියලු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කොට තිබේ.
මන්ත්‍රීවරයා පවසන්නේ එකම විෂය යටතේ සිසුන්ට ලැබී ඇති සිංහල භාෂාවෙන් මුද්‍රණය කොට තිබූ ප්‍රශ්න පත්‍රවලත් දෙමළ භාෂාවෙන් මුද්‍රණය වූ ප්‍රශ්න පත්‍රවලත් දෝෂ ගණනාවක්ම තිබී ඇති බවයි.
මේ නිසා එම සිසුන් දෙපිරිසට ලබා දී ඇති ප්‍රශ්න පත්‍ර දෙක එක හා සමාන නොවන නිසා දෙමළ සිසුන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.
තමන් මේ පිළිබඳව සියලු බලධාරීන් දැණුවත් කොට අති අතර පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කරන බවද කියා සිටියේය.