ලලිත් චාමින්ද –
දකුණු කලාපයේ ගොවින්ගෙන් වි මිලදිගැනිම මිට සති දෙකකට පමණ ඉහතදි ආරම්භ කළත් ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල කිසිදු ගොවියකු මේවනතෙක් වි අලෙවි මණ්ඩලයට වි ලබා දි නොමැති බව වි අලෙවි මණ්ඩලයේ දකුණු පළාත් සහකාර ප්‍රදේශිය කළමණාකරු ඉන්දික ද සිල්වා පවසයි.
වීයලි වී කිලෝවක් රුපියල් 92 බැගින් වි කිලෝ දාසය ලක්ෂ තිස් එක් දහසක් මේ වනවිට ගොවින්ගෙන් මිලදි ගෙන ඇති බැව් ඔහු කියයි.
වී අලෙවි මණ්ඩලයේ දකුණු කලාපය යටතට ගැනෙන හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වී කිලෝ 11,88,000ක්, මොනරාගල දිස්ත්‍රික්කයෙන් වී කිලෝ 2,15,000ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් වි කිලෝ 2,28,000ක් වී දකුණු කලාප කාර්යාලය මගින් මේ වනවිට මිලදිගෙන ඇති බවද ඉන්දික සිල්වා පවසයි.
තෙත වි කිලෝවක් රුපියල් 81ක මුදලකට වි අලෙවි මණ්ඩලය මගින් මිලදි ගන්නා බවද ඉන්දික ද සිල්වා වැඩිදුරටත් සදහන් කළේය.