ලලිත් චාමින්ද –
ගිංගගේ බද්දේගම ජල මාපකයේ ජල මට්ටම මිටර් 5 දක්වා වැඩිවිමත් සමග බද්දේගම ප්‍රදේශය අධි ගංවතුර මට්ටමේ පවතින ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරු චාමාර යාපාආරච්චි පවසයි.
ගිංගග ඉහත්තාවේ ජලය බැස යමින් පවතින අතර ඒ සමග ගිංගගේ පහළ නිම්නයට අයත් බද්දේගම ප්‍රදේශය අධි ගංවතුර මට්ටමේ පවතින බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා පවසයි.
බද්දේගම ආශ්‍රිත පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති අතර අනාරක්ෂිත ප්‍රදේශවල පිහිටි නිවෙස් ද ජලයෙන් යටවි ඇත. මේ වනවිට මහමෝදර හා ගිංතොට මෝයකට විවරකොට ඇති බව පවසන ගිංගඟ වාරිමාර්ග ඉංජිනේරුවරයා මුහුදේ රළ ප්‍රචන්ඩවිම නිසා මෝය කටවලින් ජලය බැසයාම ඉතා සෙමින් සිදුවන බවද පවසයි.
මේ අතර හෝළුවාගොඩ ඇළ පිටාර ගැලිම නිසා හෝළුවාගොඩ, ඕපාත, මිපාවල යන ප්‍රදේශවල පිහිටි කොරටු වගාවන් ජලයෙන් යටවි ඇත. අස්වැන්න නෙලාගැනීමටත් පෙර කොරටු වගාවන් ජලයෙන් යටිවිම නිසා එම ප්‍රදේශවල කොරටුගොවින් දැඩි අසරණ තත්වයට පත්ව ඇති බව කොරටු ගොවින් පවසති.