ඊයේ (14) සිය නිවෙස තුළම මිය ගිය පුද්ගලයන් දෙදෙනෙක් කොවිඩ් ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය තහවුරු කළේය.
ගම්පහ සෞඛ්‍ය කොට්ඨාසයේ වලව්වත්ත පදිංචි 72 හැවිරිදි කාන්තාවක් හා බණ්ඩාරවත්ත පදිංචි 78 හැවිරිදි පුද්ගලයෙක් මෙසේ ඔවුන්ගේ නිවෙස් තුළම මියගොස් තිබේ.
මිය ගිය දෙදෙනාගේ මෘත ශරීර පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනාට කොරෝනා වෛරයස ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි කියැවේ.
එම පවුල්වල සාමාජිකයන් නිවෙස් තුළම නිරෝධායනය කර ඇති අතර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.