බංකොලොත් රටක බරපතල පාඩු ලබමින් ඇති ශ්‍රී ලංකන් සමාගම ගුවන් යානා 21 මිලදී ගන්නේ කෙසේ දැයි විමසීමට ශ්‍රී ලංකන් පාලන අධිකාරිය හෙට කෝප් කමිටුවට කැඳවා තිබේ. මේ බව එම කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත් අද (19) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ විසින් කළ ප්‍රශ්නකිරීමකට පිළිතුරු දුන් සභාපතිවරයා මෙසේ කීවේය.
“මින් පෙර කෝප් කමිටුව ලෙස ශ්‍රී ලංකන් ආයතනය කැඳවා ඔවුන්ගේ වැය තත්වය සම්බන්ධව බරපතල සාකච්ඡාවක් කර ඒ සම්බන්ධව අපි මේ සභාවටත් දැනුම් දීලා තියනවා. “
“දැන් මේ දිනවල ආරංචියක් තියනවා ෆ්ලයිට් 21 ගැනීමට සූදානමක් තියනවා කියලා. මේ පිළිබඳව විගණකාධිපතිතුමත් මාත් අද උදෑසන කතා කළා. “
“ඒ අනුව හෙට අපි ඔවුන්ව කෝප් කමිටුවට කැඳවන්න තීරණය කරලා තියනවා මේ සම්බන්ධව විස්තර ලබා ගැනීමට. ඉන් පසුව මේ සම්බන්ධව මේ ගරු සභාවට වාර්තාවක් ලබා දෙන බව මා ප්‍රකාශ කරනවා.“







