බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස් විමර්ශන අනුව පිටවී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් පමණයි … ඒ හැර වෙනත් ඕනෑම ප්‍රශ්නයක් පිටවී ඇතිනම් වහාම දන්වන්න… පොලිසිය නිවේදනය කරයි!

by editor
ඔක්තෝබර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විමර්ශනවල දී පැහැදිලිවම හෙළිදරව් වී ඇත්තේ ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බව යැයි ද ඊට අමතරව වෙනත් ප්‍රශ්න පිටවී ඇති බවට ඇති ඕනෑම තොරතුරක් 2024.10.07 දිනට පෙර අදාල සාධක සමග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලවලට පැමිණිලි කරන ලෙසත්, එසේ යා නොහැකි කෙනෙක් වෙත්නම් ලඟම ඇති පොලිසියට ගොස් පැමිණිල්ලක් සටහන් කරන ලෙසත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ පැමිණිලි සටහන් කරගෙන හැකි උපරිම ඉක්මනින් විමර්ශන කටයුතු පැවැත්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමුකරන බවත් එම නිවේදනයේ දැක්වේ.

පොලිස් දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත් කරන්නේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්නපත්‍ර පිටවීම සම්බන්ධව පොලිසිය විසින් සිදුකළ විමර්ශන පිලිබඳ සෑහීමකට පත් විය නොහැකි බවට මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය.

පොලිස් මූලස්ථානය පෙන්වා දෙන්නේ 2024 සැප්තැම්බර් මස 15 වන දින පවත්වන ලද 05 වසර ශිෂ්‍යත්වය විභාගයට අදාල ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ වීමට පෙර පිටවීමට අදාලව ඇති වූ ගැටළුවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු 2024.09.19 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ අතර එයට අදාල විමර්ශන කටයුතු එදිනම ආරම්භ කරන ලද බවය.

ඒ අනුව මේ පිළිබඳ විමර්ශන සිදු කර 2024.09.22 වන දින කුරුණෑගල තිත්තවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 58 ක් වන සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අතර ඔහු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් සහ මෙහෙයුම් අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ පුද්ගලයා යැයි ද එසේම ඔහු 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර සැකසීම් කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරතිබුණු බවද අනාවරණය කරගත් බව පොලිස් මූලස්ථානය කියයි.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමෙන්ම 2024.09.24 වන දින අලව්ව තුල්හිරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49ක් වන සැකකරුවෙකු අත්අඩංගුව ගත් අතර ඔහු රජයේ පාසලක ගුරුවරයෙකු සේම උපකාරක පන්ති පවත්වනු ලබන ගුරුවරයෙකුද වන බව පෙන්වා දෙන අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව
මෙහි පළමු සැකකරු විසින් 05 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය සැකසීමට ඔහු විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රශ්න 07 ක් මෙහි දෙවන සැකකරු වෙත ලබා දී ඇතැයි විමර්ශන අංශ තහවුරු කරගෙන තිබේ.

පළමු සැකකරු ලබා දුන් ප්‍රශන් 07 න් ප්‍රශ්න 03ක් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න අංක 05,13 හා 27 ලෙස ඇතුළත්ව තිබූ බවත්,  උපකාරක පන්ති පවත්වන දෙවන සැකකරු විසින් ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනට පෙර සකස් කර තිබූ ආර්දශ ප්‍රශ්න පත්‍රයක 02,05 සහ 06 ලෙස ඉහත ප්‍රශ්න ඇතුළත්ව තිබී ඇති බවත් එය සමාජ මාධ්‍ය මඟින් ඔහු විසින් පරිපාලනය කරන සමූහයක් වෙත යොමු කර ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව කියයි.

මේ සම්බන්ධව පුළුල් විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඉහත පරිදි සිදු කර තිබෙන අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩුවෙල ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.10.07 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ඇති අතර විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මකව පවතින බව පොලිස් මූලස්ථානය නිවේදනය කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කර ප්‍රකාශ කරන්නේ මෙසේ කරන ලද විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ ඉහත සඳහන් ප්‍රශ්න 03 ක් පමණක් පිට ඇති බවව.

නමුත් මීට අදාලව දෙමව්පියන් විසින් තවදුරටත් වෙනත් ප්‍රශ්නද පිට වී තිබෙන බව සඳහන් කරන අවස්ථාවන් විවිධ විරෝධතා වලදී මෙන්ම සමාජ මාධ්‍ය මඟින් ද නිරීක්ෂණය වී ඇති බැවින්
මෙම ප්‍රශ්න 03 ට අමතරව මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්නපත්‍ර වල ලබා දී තිබූ වෙනත් ඕනෑම ප්‍රශ්නයක් පිළිබඳව විභාගයට පෙර බාහිරට අනාවරණය වී ඇති බවට සාක්ෂි දන්නා අයෙකු සිටිනම් 2024.10.07 වන දිනට හෝ ඊට පෙර දිවයිනේ පිහිටි පොලිස් කොට්ඨාස වල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයන් වෙත ගොස් පැමිණිලි ඉදිරිපත් කල හැකි අතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් එම පැමිණිලි සටහන් කොට අදාල විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කෙරෙනු ඇති බව පොලිස් මූලස්ථානය කියයි.

.කොට්ඨාස භාර නිලධාරි කාර්යාලය වෙත යාමට යම් අපහසුතාවයක් ඇති පුද්ගලයෙකු සිටී නම් ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත ගොස් පැමිණිලි හෝ තොරතුරු ඉදිරිපත් කරන ලෙස පොලිසිය මහජනතාව වෙත දන්වා සිටියි.

මීට අදාල උපදෙස් වැඩබලන පොලිස්පති තුමා විසින් දිවයිනේ සියළුම පොලිස් ස්ථාන වෙත ලබා දී ඇති අතර ඒ පිළිබඳ විමර්ශන කඩිනමින් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙතද වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුම මැතිවරණය පසුගිය ජනාධිපතිවරණයයි… වැඩ බලන පොලිස්පති කියයි!

Next Post

හිටපු ප්‍රබල මැති ඇමතිවරු 10ක් සජබෙන් නාම යෝජනා ගන්න ඉල්ලලා…

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.