පොලිස් ස්ථානය තුළ ගුටිබැට හුවමාරුවක නිරත වූ පොලිස් කොස්තාපල්වරියක සහ ඇයගේ සැමියා අහංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.
වාර්තාවන පරිදිස සිද්ධිය මෙසේය.
පොලිස් කොස්තාපල්වරිය විසින් ඇයගේ සැමියා සහ සැමියාගේ සොයුරියට විරුද්ධව අහංගම පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
සිදුකළ පැමිණිල්ලට අදාල විභාගය සඳහා තිදෙනාම අහංගම පොලිසියට පැමිණ ඇත.
පැමිණිල්ල විභාගයට සූදානම් වූ අවස්ථාවේ දී වචන හුවමාරුවක් කලහකාරී තත්ත්වයක් බවට පත්ව දෙන්නා දෙමාල්ලන්ගේ ගුටි බැට හුවමාරුවක් තෙක් දුර දිග ගොස් ඇත.
පොලිස් කොස්තාපල්වරියගේ සැමියාගේ සොයුරියත් ගුටි කෙළියට පැටලී තිබේ.
එම අවස්ථාවේදී පැමිණිල්ල විභාග කිරිම පසෙක දැමූ අහංගම පොලිසියේ නිලධාරීන් විසින් තිදෙනාම අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
අනතුරුව මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත තිදෙනාම මුදා මුදාහැරීමට නියෝග කර ඇත.







