සුමිත් පොතුපිටිය –
පොලිස් නිළධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑ නාවික හමුදා සෙබළියක සහ තවත් කාන්තාවක අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කලුතර, ගමගොඩ ප්රදේශයේ පදිංචි 21 හැවිරිදි නාවික හමුදා සෙබලියක සහ 28 හැවිරිදි ඇයගේ වැඩිමහල් සොහොයුරියක බව පොලිසිය කීය.
ප්රධාන සැකකාරිය කන්කසන්තුර ප්රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන සෙබළියක බවත් , ඇය ලබන 13 දා දක්වා නිවාඩු ලබා සිටින බවට හදුනාගෙන ඇති බවද පොලිසිය පවසයි .
සැකකාරියන් දෙදෙනා ඊයේ රාත්රී පළාතොට දෙස සිට ප්රධාන මාර්ගය දෙසට පැමිණ ඇති අතර, කළුතර ඔරලෝසු කණුව ආසන්නයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා දැක යතුරුපැදිය නවතා පැදිකාරිය සහ පසු පැදි කාරිය මාරුවී ඇති බව පොලිසිය කීය.
එය දුටු රථවාහන අංශ නිළධාරියා නවතා බලපත්ර ඉල්ලා සිටීමේදී , එය ප්රතික්ෂේප කිරීම නිසා වචන හුවමාරුවක් සිදුවි ඇත. පසුව රථවාහන අංශ නිලධාරියාට තරුණිය බැන වැදී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
අනතුරුව ඔහු පොලිස් ස්ථානයට දුරකථන ඇමතුමක් ලබාදී කාන්තා නිලධාරිනියක ගෙන්වා සැකකාරියන් පොලිසියට රැගෙන ගොස් ඇති බව පොලිසිය කීය.
යතුරුපැදියේ කැබින් එක පරීක්ෂා කිරීමටද ඔවුන් විරෝධය පලකර ඇති බවත්, පසූව එය පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී බියර් ටින් දෙකක් සහ සෙමි 9 පමණ දිගැති නැමිය හැකි පිහියක් සොයාගෙන ඇති බවද සදහන් වේ.
සැකකාරියන් අද කළුතර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ පවත්වති