සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොරොන්දු වූ රුපියල් දස දහස ඉල්ලා ගොවි පිරිසක් මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය වටලා වහලට නගිති!

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න-

රජයෙන් පොරොන්දු වු රුපියල් දස දහසක මුදල  මෙතෙක්  තමන්ට ලබානොදුන් බවට පවසා ඊට විරෝධය පළ කරමින් මහවැලි බී කලාපයේ දිඹුලාගල කොට්ඨාසයේ ගොවි සංවිධාන රැසක ගොවි නියෝජිතයින් හා ගොවීන් පිරිසක් අද (24)   දහවල් මනම්පිටිය ප්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානය වටලා ගොවීන් කිහිපදෙනකු මධ්‍යස්ථානයේ වහළය මතට ගොඩවී  විරෝධතාවයක නිරත වූහ.

මෙම විරෝධතාවය සඳහා මනම්පිටිය, නැගෙනහිර මනම්පිටිය, දළුකාන, කුඩාවැව, දිඹුලාගල නවමිල්ලාන ඇතුළු ගොවි සංවිධාන කිහිපයක ගොවීන් තුන්සීයකට අධික පිරිසක් එක්ව සිටියහ.

ඔවුන් ගොවිජන සේවා ප්‍රාදේශීය මධ්‍යස්ථානය වටලා පැයතුනක පමණ කාලයක්, ගොවිජන සේවා ප්‍රාදේශීය සංවර්ධනය නිලධාරිවරයා එනතෙක් එහි නිලධාරීන් නිවාස අඩස්සියටද ගනු ලැබූහ,

දිඹුලාගල කොට්ඨාස ගොවි සංවිධාන සභාපති උෂාන් වික්‍රමසූරිය   මෙහිදී සඳහන් කළේ තම කොට්ටාසයේ ගොවීන් විශාල පිරිසකට රුපියල් දස දහසක   මුදල මෙතෙක් ලැබී නොමැති බවය.

එමෙන්ම රතුකුඩු ලබාගැනීම සඳහා රජය මගින් වෙන් කරන ලද එම මුදල නොලැබීම නිසා තමන්ට වී වගාවට අවශ්‍ය රතුකුඩු ඉසීමට නොහැකි වූ නිසා දිලීර රෝග රැසක් හටගැනීමෙන් වී අ ස්වනු විශාල වශයෙන් පහළ බැස ඇති අයරුත් ඔවුහු පෙන්වා දුන්හ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

විරෝධතාවයේ නිරත ගොවින් මෙහිදී සඳහන් කළේ තමන්ට රුපියල් දස දහසක් මුදල සහ චීනය රජය මගින් ලබාදුන් ඩීසල්  සහනාධාරය කඩමින් ලබාදීමට පොරොන්දුවක් ලබාදෙන තුරු මෙම විරෝධතාවය අඛණ්ඩව සිදුකරන බවත් වහලෙන් නොබසින බවත්ය.

පැය කිහිපයක් ගොවීන් විරෝධතාවය නිරතවන අතරතුර මෙම ස්ථානයට පැමිණි මනම්පිටිය ගොවිජන සේවා සංවර්ධන නිලධාරී සුබෝධ බණ්ඩාර   ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් දුරකථනය මගින් සම්බන්ධ කරගනිමින් සඳහන් කළේ මේ මස 28 වෙනිදාට ගොවීන්  267 දෙනෙකු සඳහා අදාල රුපියල් 10,000 මුදල ගිණුම්වලට බැර කරන බවය.

එම  පොරොන්දුවත් සමග ගොවීන් සඳහන් කළේ මේ මස 28 වෙනිදා සවස තුනවන විට තම ගිණුම්වලට මුදල් බැර නොවුණහොත් මීට වඩා ගොවීන් පිරිසක් පැමිණ ගොවිජන සේවා මධ්‍යස්ථානය වටලන බවය.

මනම්පිටිය පොලිස් ස්ථානය මගින් මෙම ස්ථානයට දැඩි ආරක්ෂාවද යොදවා තිබූ අතර ප්‍රාදේශීය සංවර්ධන නිලධාරිවරයා ලබාදුන් පොරොන්දුවත් සමඟ විරෝධතාවේ නිරත ගොවීන් විසිර ගියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

9 වැනිදා ඡන්දය නෑ. අලුත් දිනය ලබන 3 වැනිදා කියයි

Next Post

වසන්ත මුදලිගේ ඇතුළු ගිහි සිසුන් 08ක් – පැවිදි සිසුන් 54ක් 27 තෙක් රිමාන්ඩ්….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.