ලබන මාර්තු මස 9 වැනිදාට පැවැත්වීමට තීරණය කර තිබූ පළාත් පාලන මැතිවරණය එදිනට නොපැවැත්වෙන බවත්, එම මැතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව ලබන මාර්තු මස 3 වැනිදා ප්‍රකාශයට පත් කරන බවත්, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
අද රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇති අතර, මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැඟී ඇති කරුණු හේතුවෙන් නියමිත දින ඡන්ද විමසීම පැවැත්විය නොහැකි බව ද තවදුරටත් සඳහන් කර තිබේ.
මෙම පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් මෙතෙක් මැතිවරණ කොමිෂන් සභාව ව්‍යවස්ථාපිතව සිදු කළ කාර්යයන් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් සමඟ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන භාණ්ඩාගාරය හරහා ලබා ගැනීම සඳහා මැදිහත් වන ලෙස පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන් ඉල්ලා සිටීමට ද අද පැවැති රැස්වීමේදී තීරණය වී ඇත.
එසේම, මෙම ඡන්ද විමසීම සම්බන්ධව හා එහි නීත්‍යනුකුලතාව පිළිබඳව සාවද්‍ය අදහස් හා තොරතුරු ප්‍රකාශ වන බව මැතිවරණ කොමිෂන් සභාව නිරීක්ෂණය කර ඇති බැවින් ඒ පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් ද මැතිවරණ කොමිසම විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.
මෙම පැහැදිලි කිරීම පහත දැක්වේ.