සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොත්ත රතු වූ පමණින් රූ රැජනක් වන්නේ නැත… මියන්මාර් රූ රැජන කියා දෙන පාඩම…

අපේ අම්මන්ඩිලා ඔටුන්නකට පොරකද්දී අන්තර්ජාතික රූ රැජන වේදිකාව ජාතික අරගලයට කැප කළ මියන්මාර් රූ රැජන

by editor
අප්‍රේල් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

අප කිරුළක් වෙනුවෙන් සටනකය. සටන උසාවිය දක්වා ගොස් තිබේ.

පුරා සිවු වසරක් තිස්සේ වෙන්වී සිට උසාවියේ දික්කසාද නඩුවක් පැවරී විභාගවන අතර දික්කසාදය ලබා ගැනීම විවාහක රූ රැජන කිරුළ පළඳින තුරු ප්‍රමාද කරන තැනැත්තික් එක් පසෙකය.   නීත්‍යානුකූලව ඇය තවම විවාහයක. ඇයගේ විවාහය නිමා වන්නේ උසාවියෙන් දික්කසාදය තීන්දු වුණු දිනයේය.

ඇයට විවාහක රූ රැජන කිරුළු නුසුදුසු බව පවසන ගිය අවුරුද්දේ ලෝක විවාහක රූ රැජන කිරුළ පැළඳි දාට පසුදා දික්කසාදය ලබා ගන්නට සූදානම් තැනැත්තියක් විවාහක රූ රැජනට නුසුදුසු බව කියන්නීය. නීතියේ අඩුලුහුඩුකම් වලින් රිංගා ගොස් කෙසේ හෝ කිරුළ දරා ගැනීමේ සදාචාරය ගැන ප්‍රශ්න කරන්නීය.

කෙසේ හෝ කිරුළු හටන දැන් උසාවියේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ රූ රැජනියන් කිරුළක් වෙනුවෙන් සමාජය ඉදිරියේ පොරයකට වැටී සිටින විටි රූ රැජනක් යනු කවරෙක් දැයි ආදර්ශයක් ලෝකයෙන් පෙනෙමින් ඇත්තේය. ඒ මියන්මාරයෙනි.

මියන්මාර් රූ රැජන හැන් ලේ ( Han Lay)

මියන්මාරයේ රූපරාජිනිය (Miss Grand Myanmar) ලෙස කිරුළු පළඳින්නේ විසි දෙහැවිරිදි හැන් ලේ ( Han Lay)ය. ඇය ‘යැන්ගුන්’ (Yangon) විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව හදාරන ශිෂ්‍යාවකි. හැන් ලේ මේ වනවිට සිය ජාතිය වෙනුවෙන් ජීවිත පූජාවෙන් අරගලයකය. ඒ සිය රට යටකොට සිටින මිල්ටරි ජුන්ටාවට එරෙහිවය. අවුන් සාන් සූ කීගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීග (එන්එල්ඩී) පක්ෂය ඉහළින් ජයග්‍රහණය කළ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය ජයග්‍රහණය හමුදා පාලනය විසින් අහෝසි කිරීමට එරෙහිවය.

ඇය සිය රටේ ජන ජීවිතය ගැන ලෝකය හමුවේ කතා කිරීමට තමන් සහභාගී වුණු ජාත්‍යාන්තර රූ රැජන වේදිකාව ප්‍රවේශයක් කර ගත්තාය.

“මගේ රට මියන්මාරය… මගෙ රටේ  අද බොහෝ දෙනෙක් මිය යමින් සිටිනවා.  කරුණාකර මගේ රටට උදව්වෙන්න. මේ මොහොතේ අපට හදිසි ජාත්‍යන්තර ආධාරය අවශ්‍ය කරනවා,”

තායිලන්තයේ පැවැත්වුන ‘මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල් – 2020’ (Miss Grand International 2020) රූපරාජිනී තරඟයට සහභාගී වෙමින් සිටි හැන් ලේ( Han Lay) ලෝකයට කීවාය.  ඇයගේ විනාඩි දෙකක කතාව රූ රැජන වේදිකාවක මෙතෙක් කියැවුනක් නොවේ. ඒ දේශපාලනික ප්‍රකාශය එක මොහොතකට ප්‍රේකෂාගාරය ගල් කළේය.

වීදි විරෝධතාවයක යෙදෙන හැන් ලේ… ලා නිල් පැහැති මුඛවාඩමක් සහිතව ඉදිරියෙන් මැද සිටින්නී ඇයයි…

වේදිකාවෙන් බැස පැමිණි ඇය කීවේ මෙවැන්නකි. “ මම මගේ රට වෙනුවෙන් කළ යුතු දේ කළා.“

හැන් ලේ  සිය රටේ මරා දැමූ ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීමට ජීවිත පූජාවෙන් අරගල බිමට බහින්නේ හමුදා කුමන්ත්‍රණය දියත් වූ අවස්ථාවේ සිටය.   තායිලන්ත සංචාරය ආරම්භකිරීමට පෙර හමුදා කුමන්ත්‍රණයට එරෙහි වීදි විරෝධතා ව්‍යාපාරයන්ට ඇය එක් වූවාය.  මිල්ටරි හමුදා ජුන්ටාවට  එරෙහිව   රටේ විශාලතම නගරය වන ‘යැන්ගොන්හි’ වීදි විරෝධතා ව්‍යාපාරයකට  ඇය එක් වී සිටින අයුරු ලෝක මාධ්‍ය වාර්තා කළේය.

හමුදා පාලනයට එරෙහිව වීදි බසින ජනයා ජල ප්‍රහාරවලින්, රබර් උණ්ඩවලින් නවත්වාගත නොහැකිවන විට හමුදා පාලකයෝ    ජීව උණ්ඩ භාවිත කළහ. සිය ගණන් මැරී වැටුනහ.  හමුදා මර්දනයේ මාරාන්තික දිනය පසුගිය සෙනසුරාදා (04) දක්නට ලැබුණි. එදින මරාදමන ලද මිනිසුන්ගේ සංඛ්‍යාව සියයකට වැඩි විය.

මියන්මාරයේ නිරීක්ෂණ සංවිධානයක් ඇස්තමේන්තු කරන පරිදි හමුදා ජුන්ටාවේ වෙඩි පහරින් මේවනවිට මරාදමන ලද සමස්ත සංඛ්‍යාව පන්සියයටත් වැඩිය. මරාදමනු ලැබ ඇති අයගෙන් හතළිස් තුන්දෙනෙක් ළමුන් බව ‘සේව් ද චිල්ඩ්රන්’ (Save the Children) ආයතනය වාර්තා කළේය.

ඇය තායිලන්තයේ ජාත්‍යාන්තර රූ රැජන වේදිකාව සිය රට සම්බන්ධ කථිකාවක් ගොඩ නගා ගැනීමට භාවිත කරන්නේ මේ පසුබිමේ දී ය. ඇය කතා කරන්නී තමන් හමුවේ ඇති අවදානම ගැන තක්සේරුවක් සහිතවය.  මියන්මාර් ආරක්ෂක හමුදා ප්‍රසිද්ධ පුද්ගලයන් දහඅට දෙනකු , සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්  සහ මාධ්‍යවේදීන් දෙදෙනකු නීතියේ රැහැනට කොටු කරගැනීම සඳහා මේ වනවිට වරෙන්තු නිකුත් කර තිබේ.     ඔවුන් සියලුදෙනාම හමුදා කුමන්ත්‍රණයට එරෙහිව අදහස් දක්වන ලද පුද්ගලයන්ය. ඔවුන්ට එරෙහි චෝදනා වන්නේ “හමුදා නිලධාරීන්ගේ මුක්තියට හෝ ඔවුන්ගේ රාජකාරියට බාධා කරනු ලැබීමට අදාළ ඒවාය.

හැන් ලේ( Han Lay) ගේ පවුලේ උදවිය මේ වනවිට මියන්මාරය තුළ අනාරක්ෂිතය.  මේ තත්වය තුළ ඇයට සිය රටට නොපැමිණෙන ලෙස ඇයට ආදරය කරන මියන්මාර් ජනතාව ඉල්ලා සිටින්නේය.

“අවම වශයෙන් ඉදිරි මාස තුනක කාලය තුළ තායිලන්තයේ රැඳී සිටීමට තීරණය කළා. මේ ගමන එන්න කලින් මා ඉදිරියේ ඇති අනතුර සහ අවදානම ගැන මට අවබෝධයක් තිබුණා. මා මගේ රට ගැන බොහෝ දේ කතා කළා. මියන්මාරයේ පවතින තත්වය ගැන අදහස් දක්වනු ලැබීම අතින් සීමාවන් තියෙන බව මියන්මාරයේ සියලු දෙනාම දන්නා කාරණයක්” ඇය බී.බී.සී ආයතනයට අදහස් දක්වමින් කියා තිබුණාය.

මියන්මාර් අරගලයට ආචාරය පුදන ඇගිලි තුනේ සංකේතය දක්වමින්…

“ යුද හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව මා සමඟ විරෝධතා ව්‍යාපාරවලට එක්ව සිටි සෙසු ශිෂ්‍යාවන් බොහෝ දෙනෙක් පළමු සති කිහිපය තුළදීම අත්අඩංගුවට ගෙන සිරගත කළා. මගෙ මිතුරියක් ඔවුන් මාර දැම්මා. ඇය විරෝධතා ව්‍යාපාරයේ සිටියේත් නැහැ. හැන්දෑවක ඇය කෝපි උගුරක් බොන්න ආපන ශාලාවකට යමිනුයි හිටියේ. කවුරුහරි කෙනෙක් ඇයට වෙඩිතැබුවා,”

හැන් ලේ උපාධිය ලැබීමෙන් පසු සැලසුම් කර තිබුණේ ගුවන් සේවිකාවක් වීමටය.

“ එහෙත් මාව දේශපාලනයට එක් කරගන්න ඇතැමුන් යත්න දරනවා. එය මට ගැලපෙයි කියලා මම හිතන්නෙ නෑ. මේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධවලට එරෙහිව මගේ මතය ප්‍රකාශ කරන්න දේශපාලනයට එන්න අවශ්‍යයයි කියලා මා හිතන්නෙ නෑ… “ දේශපාලනය යනු හැම බූරුවෙකුටම ලැගිය හැකි අම්බලමක් නොවන බව ඇය පෙන්වා දී තිබුණාය.

හැන් ලේ අපේ රටේ අම්මණ්ඩිලාට කණට ගසා කියා දෙන කතාවක් තිබේ. ඒ පොත්ත රතු වූ පමණින්, අඟ පසඟ මස් වලින් පුරවාගෙන හැඩ කරගත් පමණින්, “කැට් වෝක්“  එකක ලතාවෙන් ගැහැණියක් රූ රැජනක් වෙන්නේ නැති බවය.

රූ රැජනක් යනු භෞතික ශරීරයක හැඩය හදන මස් ගොඩක් නොව, ඒ සිරුර තුළ ජීවත්වන සදාචාරය, මනුෂ්‍යත්වය, යුතුකම, සහ වගකීම හඳුනන  ගැහැණියකගේ ප්‍රභාමත් පෞරුෂය බවය.

නැවත කියන්න ඇත්තේ එක දෙයකි. තමන්ගේ භූමිකාව ලෝකයෙන් ඉගෙන ගන්න…

( මූලාශ්‍රය – බී.බී.සී)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

විවාහක රූ රැජනගේ විවාහයේ ඇත්ත කතාව ගැන සැමියා කියයි…

Next Post

පිළිකා රොහල් අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.