අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විවාහක රූ රැජනගේ විවාහයේ ඇත්ත කතාව ගැන සැමියා කියයි…

by editor
අප්‍රේල් 10, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • අවුරුදු 04ක් තිස්සේ අපි පවුල් ජීවිතයක් ගතකරන්නෙ නෑ…

  • මීට අවරුදු 2යි මාස 03කට පෙර දික්කසාද නඩුව පැවරුවේ පුෂ්පිකායි

  • දැන් නඩුවේ අවසාන අදියරේ… පහුගිය මාස 04 පුරාම ඇය උසාවි ආවෙ නෑ… තීන්දුව ලබා ගැනීම හිතා මතා ප්‍රමාද කරනවා…

  • ඇය මගේ දරුවාගේ මව නිසා ඇයගේ චරිතයට හානි කරන්න අවශ්‍ය නෑ,.. ඒත් ඇත්ත තත්වය මෙයයි…

ශ්‍රී ලංකා විවාහක රූ රැජන වූ පුෂ්පිකා ද සිල්වාගේ නීත්‍යානුකූල සැමියා වූ තිලංක දාබරේරා විසින් ප්‍රසිද්ධ කර ඇතැයි සැලකෙන ලිපියක් දැන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් ඇත. එම ලිපිය පල කරන තිලංක දාබරේරා පැහැදිලිවම ප්‍රකාශ කරන්නේ තමන් සහ පුෂ්පිකා පුරා වසර 04ක් තිස්සේ පවුල් ජීවිතයක් ගතකරන්නේ නැති බවය.

තිලංක දාබරේරා

ගල්කිස්ස සිවිල් අධිකරණයේ අංක 721/19/D යටතේ දික්කසාද නඩුවක් ගොනු කර ඇති බවය. අවසන් අදියරයේ ඇති නඩුවේ තීන්දුව ලබා ගැනීම සඳහා නොපැමිණෙමින් මාස 04ක් තිස්සේ ඇය උසාවිය මග හැරි බවය. ඇයට මේ වනවිට එම දික්කසාද නඩුව ඉල්ලා අස් කරගැනීමට අවශ්‍ය වුවද මීට අවුරුදු 02යි මාස 03කට උඩ දී එම දික්කසාද නඩුව පවරනු ලැබුවේ ඇය විසින් බව පවසන තිලංක දාබරේරා ඇයට තමන්ගේ අනුමැතිය නැතිව එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට නොහැකිව සිටින බව පවසන්නේය. එම සටහනේ සිංහල පරිවර්තනය සමාජ මාධ්‍ය තුළ ලියැවී තිබුණේ මෙසේය.

සැමගේ දැන ගැනීම පිණිසයි!

මා මෙය ලියනුයේ මාගේත් පුෂ්පිකා ද සිල්වා ගේත් සම්බන්ධය ගැන සහ විවාහ ජිවිතය ගැන තොරතුරැ දැන ගැනීමට මා ගෙන් විමසීම කළ පිරිසගේ දැන ගැනීම සඳහායි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මා මෙහිදී පැහැදිලිව කියා සිටිනුයේ ” මමත් පුෂ්පිකාත් පහුගිය වසර 4 පුරාවට පවුල් ජිවිතයක් ගත නොකරන අතර ගල්කිස්ස සිවිල් අධිකරණයේ අංක 721/19/D යටතේ දික්කසාද නඩුවක් ගොනු කර ඇති අතර එය අවසන් වීමට නියමිතයි……

ඇය මාස ගණනාව පුරාවට මෙය ප්‍රමාද කරමින් සිටින අතර ඈ පසුගිය මාස 4ක් පුරාවට උසාවියේ පෙනී සිටියේද නැත

මේ අවස්ථාවේදී පුෂ්පිකා ද සිල්වා ට මෙම දික්කසාද නඩුව ඉල්ලා අස්කර ගන්නට උවමනා තිබුනත් එයට මාගේ අවසරයකින් තොරව ලබාගත නොහැක. මන්ද මා ද එයට ප්‍රතිවිරුද්ධ පැමිණිලි කර ඇති නිසාවෙනි. ඔබලාට තවදුරටත් මේ ගැන දැනගැනීමට අවශ්‍ය නම් සුදුසුකම් ඇති නීතිඥවරයකු ලවා විමසා බලන්න .

පුෂ්පිකා ද සිල්වා විසින්මයි මේ දික්කසාද නඩුව ගොනුකර ඇත්තේ මීට අවුරුදු දෙකයි මාස තුනකට උඩදී. ඇය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ තවත් නඩු දෙකක් ගොනු කර ඇත. මේ ගැන උනන්දුවක් දක්වන ඔබලා එයින් පිටපත් ලබාගෙන ඒ තොරතුරු දැන ගන්න. අවුරුදු හතරක් පුරාවට උසාවි ලැගපූ මට ඇය සමඟ මෙය නිරාකරණය කර ගැනීමට කිසිම අදහසක් නැත.

සමාජ මාධ්‍ය මා හට වරද පටවමින් සිටිනුයේ මේ සත්‍ය නොදැනයි. ඔවුන් මෙහී ගැඹුරට ගොස් සත්‍ය දැන ගත යුතුයි.

මා හට ” පුෂ්පිකා ද සිල්වා” ගේ නාමය කෙලෙසීමට කිසිම අදහසක් නැත. ඒ මන්ද ඇය මාගේ පුතාගේ මවයි. ඒ වගේම මාත් මෙහිදී අගතියට පත් පාර්ශවය කරුවෙකි .

අවුරුදු හතරකට උඩදී ඇය මා හැර නොගියා නම් අදටත් මා හොඳ සැමියෙකි.

මේ දක්වා මා කොහේවත් සඳහන් කළේ නෑ ඇයි ඇය මා හැර ගියෙ කියා. මොනවද වූයේ පසුගිය අවුරුදු අතරට 4 පුරාවට.  

ඈ ඉල්ලා සිටි සුඛෝපභෝගී ජීවිතය මට ලබාදිය නොහැකි විය. ඇය මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මගේ දෙමව්පියන් අපගේ පවුල් ජීවිතයට ඇඟිලි ගැසීමෙන් කරදර කලා කියන බොරු කතායි. මට තවමත් මතකයි මගේ අම්මා ඇයගෙන් ඇය ද සිටියා දරුවාගේ නාමයෙන් වත් මා හැර නොවෙන ලෙස.

අද දක්වා මාගේ දරුවා වෙනුවෙන් මා කළ යුතුකම් ඉටු කර ඇත. ඈ මට අවසර ලබා දෙනවා ලබා දෙනවා නම්   මම ඉතා කැමතියි මගේ පුතා සමඟ නිතර කාලය ගත කරන්න.

2021 අප්‍රේල් 5 දින මා විසින් මාගේ මුහුනුපොත් ගිණුමේ සඳහන් කළ සටහන ඈ අගේ මුහුණු පොතේ සඳහන් කර ඇත්තේ එම ගිණුම ව්‍යාජ ගිණුමක් බවයි. නමුත් එය මාගේම මුහුණු පොත් ගිණුම මෙනම එය සත්‍යවන ගිණුමකී. මා එය පාවිච්චී කරනුයේ 2008 වසරේ සිටය.

මා විශ්වාස කරනවා මේ ලිපිය උපයෝගී කරගෙන මා ගැන අසත්‍ය තොරතුරු මාධ්‍ය හරහා ප්‍රචාරය වීම දැන්වත් නවතිවී කියා.

 

ස්තුතියි

 

(අත්සන් කලේ)

  1. තිලන්ක දිල්ෂාන් දාබරේරා

චන්න ජයවික්‍රම මිලානෝ සිට

 

Share69Tweet43
Previous Post

ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ රුධිර කැටිගැසීම් අතර සම්බන්ධය ගැන එංගලන්ත වෛද්‍ය සඟරාව කියයි

Next Post

පොත්ත රතු වූ පමණින් රූ රැජනක් වන්නේ නැත… මියන්මාර් රූ රැජන කියා දෙන පාඩම…

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.