මහාචාර්ය අතුල සේනාරත්නගේ පුතාට පහර දී නිල නිවසට ද අලාභානි කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භාවය අහෝසි කළ ඉතිරි සිසුන් දෙදෙනාත් අද (14) මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ශිෂ්‍ය භාවය අහෝසික කළ ශිෂ්‍යයින් 12න් දස දෙනෙක් පොලිසියට භාර වීමෙන් අනතුරුව ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ලබන 22 රක්ෂිත බන්ධනාගාරගත කෙරුවේය. ඔවුන් මේ වනවිට පල්ලෙකැලේ බන්ධනාගාරයට යොමු කර තිබේ.
ඉතිරි සිසුන් දෙදෙනාත් පොලිසියට භාර වූ අතර සසංක විකුම් විතාරණ නැමැති සිසුවෙක් ඊයේ සවසත්, එල්.එම්. වික්‍රමසිංහ නැමැති සුසුවෙක් අද උදේත් පොලිසියට භාරවූහ.
අනතුරුව ඔවුන් අත්අංගුවට ගැනුණි.







