පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, හිටපු උප කුලපති අතුල සේනාරත්නට සහ ඔහුගේ පුත්‍රයාට පහර දීමේ සිද්ධියට සම්බන්ධව ශිෂ්‍යයින් දස දෙනෙක් පමණ දැනට හඳුනාගෙන ඇතැයි විමර්ශන අංශ පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමේ දී නිල නිවසේ දොර බිඳ ඊට ඇතුළුවන එක් සිසුවෙක් පැහැදිලිවම හඳුනාගෙන ඇති බව ද ඉතිරි සිසුන් නව දෙනා ද සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් හඳුනාගෙන ඇති බවද විමර්ශන අංශ වාර්තා කරයි.
මෙම සිසුන් සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකර ඔවුන්ගේ පන්ති තහනමට ලක් කිරීමට සරසවි පරිපාලනය තීරණය කර ඇත.
පේරාදෙණිය පොලිසිය සිද්ධිය පිළිබඳව වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.









