දිනසේන රතුගමගේ:
යාපනය පේදුරුතුඩුව වල්ලිපුරම් අම්මාන් කෝවිලට 22 දා සෞඛ්‍ය බලධාරීන් සීල් තබා ඇති අතර එම කෝවිලේ බාරකාර කුරුක්ක්කල්වරයා ඇතුලු පහළොස් දෙනෙකුගෙන් සමන්විත පිරිසකට දින දාහතරක කාලයක් නිරෝධායන කටයුතු වල නිරත වන ලෙස උපදෙස් ලබා දී තිබේ.
මෙම කෝවිලේ වාර්ෂික මංගල්ලය මීට දින තුනකට ඉහතදී පැවති අතර ඊට බැතුමතුන් 50 දෙනෙකුට පමණක් සහභාගී වීමට අවසර ලබා දී තිබුණි.
කෝවිලේ වාර්ෂික මංගල්ලයෙන් පසුව ප්‍රධාන කුරුක්කල්වරයාට හා කෝවිලේ තවත් අයෙකුට උණ රෝගය වැළදීම නිසා යාපනයේ සෞඛ්‍ය බලධාරීන් කෝවිල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙසට නම්කොට ඊට සීල් තබා තිබේ.
කෝවිලේ මංගල්ලයට පැමිණි පිරිස පොලීසිය විසින් ලියාපදිංචි කොට ඇති නිසා කෝවිල තුළ නිරෝධායනයට ලක්ව සිටින පහළොස් දෙනාගෙන් යම් රෝග ලක්ෂණයක් පෙන්නුම් කළහොත් මංගල්ලයට පැමිණි බැතිමතුන් සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගැනීමට යාපනයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ.