බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්කු දා බෝම්බ පුපුරවාගත් ඉල්හාම් බිරියගේ අවසන්මොහොත ගැන මව කියන කතාව

by Lanka Sara Editor
ජූනි 23, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා ස්ථාපිතකර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන් සභාව ඊයේත් 22 රැස් විය.

කොමිසමේ සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන්, රැස් වූ කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු, විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී සෙසු සාමාජිකයෝ වූහ. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත්ය.

කොමිසම හමුවේ ඊයේ (22) මුලින්ම සාක්ෂි ලබා දුන්නී කාන්තාවකි. ඇය කොළඹ 10 සිරිධම්ම මාවතේ පදිංචි වී සිටියාය.

තමා උපන්නේ මහනුවර ගල්හින්නේ බවත් ව්‍යාපාරිකයෙක් වන ශාලි මොහොමඩ් සමඟ 1988 වසරේදී විවාහ වීමෙන් පසුව කොළඹට පැමිණි බවත් පැවසූ සාක්ෂිකාරිය තමාට දරුවන් 07 ‍දෙනෙක් සිටින බවත් ඒ අය අතර දියණිවරු 02 දෙදෙනෙක් සිටින බවත් සඳහන් කළාය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මේ පල වන්නේ ඇය ලබා දුන් සාක්ෂියේ සංක්ෂිප්තයකි.

රජයේ නීතීඥවරිය

ඔබගේ බාල දියණියගේ නම කුමක් ද?

සාක්ෂිකාරිය

ෆාතිමා ජිෆ්රි

රජයේ නීතීඥවරිය

ඇය දැනට ජීවතුන් අතර සිටිනව ද?

සාක්ෂිකාරිය

නැහැ. ඇය මිය ගියා.

රජයේ නීතීඥවරිය

ඇය මියගියේ කවදා ද?. ඒ කෙසේ ද?

සාක්ෂිකාරිය

2019 අප්‍රේල් 21 වෙනිදා දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවකස සිදුවුණු බෝම්බ පිපිරීමෙන් දියණිය මිය ගියා. ඇය අධ්‍යාපනය ලැබුවේ නාරාහේන්පිට පිහිටි ජාත්‍යන්තර පාසලකින්. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. පස්සේ ඇය ගෙදර හිටියේ. ගෙදර වැඩ තමයි විනෝදාංශයක් ලෙස කළේ .පොත්පත් කියෙව්වා. කාටුන් බැලුවා. හැරීපෝටර් චිත්‍රපට බැලුවා. ඒ අතරෙ ඇය කුකරි ක්ලාස් ගියා. මට උයන්න පිහන්න වගේම රෙදි හෝදන්නත් උදව් කළා.

රජයේ නීතීඥවරිය

ඇය විනෝදාංශයක් ලෙස යම් යම් දේවල් එකතු කළාද?

සාක්ෂිකාරිය

එයා උපන්දින කාඩ් එකතු කළා.

රජයේ නීතීඥවරිය

ඇය ආගම ඉගෙන ගැනීමට වැඩි කැමැත්තක් තිබුණද?

සාක්ෂිකාරිය

කුරාණය කට පාඩම් කරන්න එයා පෙළඹුණා.

රජයේ නීතීඥවරිය

ඇය විවාහ වුනේ කා සමගින්ද?

සාක්ෂිකාරිය

ඉල්හාම් එක්ක.

රජයේ නීතීඥවරිය

විවහා උත්සවය ලොකුවට ගත්තද?

සාක්ෂිකාරිය

ඔව්. කොටුවේ තියෙන ප්‍රදර්ශන හා සම්මන්ත්‍රණ ශාලවේ තමයි ගත්තේ

රජයේ නීතීඥවරිය

එම විවහාය යෝජිත එකක්ද,

සාක්ෂිකාරිය

ඔව්.

රජයේ නීතීඥවරිය

ඒ පවුල ගැන සොයා බැලීමක් එහෙම කලාද?

සාක්ෂිකාරිය

මාස දෙකක් විතර එයාල ගැන තොරතුරු සොයා බැලුවා. ඒ පවුල හොඳද කියල. ඒ කාලේ ඉල්හාම් එයාගේ තාත්තත් එක්ක කුළුබඩු ව්‍යාපාරයක් කළා. ඒ නිසයි එයාට අපේ දුව දුන්නේ. එයා පස්සේ කාලෙක වැල්ලම්පිටියේ ලොකු ඔෆිස් එකක් හැදුවා. ඒ අවුරුදු හත අටකට ඉස්සරින්. එදා අපි එම ඔෆිස් එක විවෘත කරන දවසේ කිරිබත් එහෙමත් හදාගෙන අරගෙන ගියා.

රජයේ නීතීඥවරිය

දුව සැමියත් එක්ක පදිංචිවෙල හිටියේ කොහේද?

සාක්ෂිකාරිය

මහවිල උද්‍යානයේ ඉල්හාම්ගේ මහ ගෙදර පළමු තට්ටුවේ කාමරයක. එම තට්ටුවේ කාමර හතරක් තියෙනව. ඒ එක කාමරයකයි එයාල හිටියේ.

රජයේ නීතීඥවරිය

එයාලට දරුවො හිටියද?

සාක්ෂිකාරිය

දරුවෝ තුනක් හිටියා. තුන්දෙනාම පුතාල. දුවට තවත් දරුවෙක් ලැබෙන්න හිටියා. මිය යන කොට දරු ගැබට මාස දෙකහාමාරයි.

රජයේ නීතීඥවරිය

දුව ඔබලාව බලන්න ගෙදර එනවද?

සාක්ෂිකාරිය

මාසයකට සැරයක් විතර එනවා. මුලදී සැමියා ගෙදර ආවත් පස්සේ කාලෙ සැමියා එයාව ගේට්ටුව ගාවින් බස්සල යනවා. ඇයි කියල දුවගෙන් ඇහුවම එයාට වැඩ වැඩියි කියල කියනව. මේ වෙනස අපි දැක්කේ 21 වෙනිදා ප්‍රහාරයට වසරක පෙර සිටයි. දුවගෙන් ඒ ගැන ඇහුවම කියන්නේ සැමියට වැඩ වැඩියි කියල. ඒ දෙන්න හොඳින් සතුටින් ජීවිතය ගත කළ නිසා ඒ ගැන හාර අවුස්සන්නට ගියේ නැහැ.

රජයේ නීතීඥවරිය

ඇය ආගම අදහන ක්‍රමය ගැන ගැටලුවක් තිබුණද? ඒ ගැන දියණිය සමග කථාබහ කරල තිබුණද?

සාක්ෂිකාරිය

ෆාතිමාගේ පියා ස්වාමීන් වහන්සේලාට පළතුරු පූජා කරනවා. අපේ ආගමට අනුව එය තහනම් කියල ඇගේ ස්වාමි පුරුෂයා සඳහන් කරන බව ඇය පවසා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මගේ ස්වාමි පුරුෂයා සමග සංවාද පවා ඇතිකරගෙන තිබෙනවා.

රජයේ නීතීඥවරිය

ඒ දේ සිදුවෙන්නේ ෆාතිමා මිය යන්න කොපමණ කාලයකට පෙරද?

සාක්ෂිකාරිය

මාස හය හතකට පෙර

රජයේ නීතීඥවරිය

දුව ආගම අදහන විදිහෙන් වෙනසක් දුටුවද?

සාක්ෂිකාරිය

වෙනසක් දුටුවේ නැහැ. දැනුනෙත් නැහැ.

රජයේ නීතීඥවරිය

ඉල්හාම්ගේ වෙනස ගැන දුවගෙන් ඇහුවේ නැද්ද?

සාක්ෂිකාරිය

මෙහෙම දෙයක් සිදුවෙයි කියල හිතුවේ නැහැ. අපි හිතුවේ ඉස්ලාම් දහමට අනුකූලව ජීවත්වෙනව කියල. මම හිතුවේ නැහැ, මෙහෙම ත්‍රස්වාදී වැඩක් කරයි කියල.

රජයේ නීතීඥවරිය

ඔබගේ පුතා වන හුසේන් ජිෆ්රිගේ විවාහ උත්සවයට ෆාතිමා සහ ඉල්හාම් සහභාගි වුනාද?

සාක්ෂිකාරිය

සහභාගිවුනේ නැහැ. අවසන් මොහොත දක්වාම ඔවුන් සඳහන් කළේ විවහා උත්සවයට පැමිණෙනවා කියල. පස්සේ ඔවුන් කීවා හෝටල්වල උත්සව වලට අපි එන්නේ නැහැ කියල.

රජයේ නීතීඥවරිය

විවාහය දවසේ දුවට ඔබලා තෑගි දුන්නද?

සාක්ෂිකාරිය

රත්තරන් බඩු දුන්නා. කළුපාට ඇලියොන් වර්ගයේ කාර් එකක් දුන්නා. ඉල්හාම් භාවිතා කළේ ඒ කාර් එක.

රජයේ නීතීඥවරිය

දුව මියගිය දවස මතකද?

සාක්ෂිකාරිය

2019 අප්‍රේල් 21

රජයේ නීතීඥවරිය

එදා උදේ ඔබ මොනව කරමින්ද සිටියේ.

සාක්ෂිකරු

උදේ කෑම හදමින් සිටියේ.

රජයේ නීතීඥවරිය

දුරකතන ඇමතුමක් ආවද?

සාක්ෂිකාරිය

දුව කෝල් කිහිපයක් අරගෙන තිබුණා. ඒ නිසා මම දුවට කෝල් එකක් ගත්තා. එවිට වේලාව උදේ 8.45 ට 9.00 ට පමණ ඇති.

රජයේ නීතීඥවරිය

ඒ වෙලාවේ ෆාතිමා මොනවද කිව්වේ.

සාක්ෂිකාරිය

මම ඇයට ඇමතුම දීල ඇහුවා ඇයි දුව මට කථාකලේ කියල. එන්න අම්මා, කියල මට එයා කිව්වා. මම ඇහුවා ඔයාට අසනීපයක්ද කියල. අම්මා එන්නකෝ මමකියන්නම් කියල ඒවෙලාවේ දුව කිව්වා. මම 10.30 ට 11.00 ට විතර ත්‍රිවිල් එකක නැගල මහවිල උද්‍යානයට ගියා.

රජයේ නීතීඥවරිය

ෆාතිමා ඒ වෙලාවේ කොහේද හිටියේ

සාක්ෂිකාරිය

උඩ තට්ටුවේ. මම යන කොට එයා උඩ තට්ටුවේ ශාලාවේ තියෙන පුටුවක වාඩිවෙලා හිටියා. එයා ඒ වෙනකොට හිටියේ කුරානය කියවමින්. ඒක පොඩි කුරාන් එකක්. ඒ වෙලාවේ ඇය මට කිව්වා කුරානයේ සුරා එක (ආර්ථය) දැනගත යුතුයි කියල.

රජයේ නීතීඥවරිය

ඔබ දුව බලන්න යනකොට මොනව හරි අරගෙනද ගියේ

සාක්ෂිකාරිය

ඔව්. ගස්ලබු, කෙසෙල්, රට ඉදි, කේක්, ඇපල්, එහෙම අරගෙනයි ගියේ. මම සාමාන්‍යයෙන් එහේ යන කොට මේවගේ දේවල් අරගෙන යනවා.

මම යනකොට ලොකු දරුවෝ දෙන්න ශාලාවේ සෙල්ලම් කරමින් හිටියා. මම ගිහින් දුව ළගින් ඉඳගත්තා. එයාගෙන් මම ඇහුවා ඇයි එන්න කිව්වේ කියල. ඉල්හාම්ට හරි දරුවන්ට හරි අසනීයක් එහෙමද කියලත් ඇහුවා. ඒ වෙලාවේ එයා කිව්වා නැහැ අම්මේ චුට්ටක් දුකයි කිව්වා. ඒ වෙලාවේ මම ඇහුවා ඉල්හාම් කෝ කියල. රෑ 1.00 ට විතර ආවා. බබාව කිස් කරල අඬල ගියා කිව්වා.

මම ඒ වෙලාවේ ඇහුවා ඇයි දුව එයාට කෝල් කරල බැලුවේ නැද්ද කියල. දුව කිව්වා කෝල් කළා, ෆෝන් එක වැඩ කරන්නේ නැහැ කියල. ඒ වෙලාවේ එයා මට කිව්වා අම්මා දරුවන්ව බලා ගන්න මම කුරාන් එක කියවල ඉවර වෙනකම් කියල.

සභාපති විනිසුරු

එදා ඔබ දුවව දකිනකොට ඇය හැද සිටි ඇඳුමේ වෙනස්කමක් දැක්කද?

සාක්ෂිකාරිය

නැහැ. වෙනදාට ඇය ඇඳන් ඉන්න ඇඳුම්මයි ඇඳගෙන හිටියේ.

සභාපති විනිසුරු

අප්‍රේල් 21 වෙනිදා ඔබ දුවව දැක්කද?‍

සාක්ෂිකාරිය

තව බබෙක් හම්බවෙන්න කියල දැන ගත්තම මම එයාව හමුවුනා.

රජයේ නීතීඥවරිය

දරුවන්ව බලා ගන්න කියල ෆාතිමා මොනවද කළේ?

සාක්ෂිකාරිය

එයා කුරාණය කියවන්න ගත්තා. මට කරදරයි දරුවෝ බලාගෙන ඉන්න කියල ඇය කිව්වා. එයා සාලේ ඉඳගෙනම කුරාණය කියෙව්වා. මම ඒ වෙලාවේ දැක්කා ඇගේ ඇස් රතු වෙලා තිබෙනව. මමඇහුවා ඒ ඇයි කියල. මුකුත් නැහැ අම්මා කියල ඇය පිළිතුරු දුන්නා. කුරාණය කියවමින් සිටි නිසා වෙන්න ඇති කියලත් සඳහන් කළා. ඒ ලොවේ මස්සිනාලගේ දරුවෝ දෙන්නත් හිටියේ උඩ තට්ටුවේ ෆාතිමාගේ දරුවොත් එක්ක සෙල්ලම් කරමින්. ඒ දරුවන්ට මම අරගෙන ගිය පළතුරු සහ රස කැවිලි බෙදල දුන්න.

රජයේ නීතීඥවරිය

දුව ඒ වෙලාවේ දවල්ට කෑම කාලද හිටියේ

සාක්ෂිකාරිය

නැහැ. මම ඉන්නකොට මාස 09 ක් වන ඇගේ දරුවා නිදාගෙනයි හිටියේ. එයා ඇහැරුනාම මා ළඟට ගෙනත් දුන්නා. එම දරුවට මම පළතුරු කැව්වා. දරුවට පළතුරු කවනකොට දුව කාමරේ ගියා වන්දනා කරන්න කියල. මම දැක්කා දුව දනගහල හිස බිම තියල වන්දනා කරනව. ඔහ අතරේ අනිත් ළමයි දෙන්න පහළට ගියා. මමත් මාස 09 දරුවාව අරගෙන දුවගේ කාමරයට ගියා. දුවගේ අනිත් ළමයි දෙන්නා කාමරේ ඇඳේ නැගලා සෙල්ලම් කරන්න ගත්තා. ඒ වෙලාවේ ඉල්හාම්ගේ “ඉබාදා“ මට කථාකළා කෑම කන්න එන්න කියල. මම මාස 09 දරුවාව කාමරේ බිම තියල දුවට කිව්වා, කන්න කථාකරනකොට නොගියොත් හොඳ නැහැනේ… මම කෑම කාල එන්නම් කියල. දුව ඒ වෙලාවේ මට කිව්වා එයාගේ ඔලුව කැරකැරකැවිල්ලක් වගේ කියලා. මම හිතුවා බබෙක් හම්බවෙන්න හින්ද කියල. ඒ නිසා ඇපල් ගෙඩියක් එයාට දුන්න කන්න කියල. ඒවෙලාවේ එයා ඇපල්ගෙඩිය එක අතක තබාගෙන කුරාණය අනිත් අතේ තබාගෙනයි හිටියේ.

රජයේ නීතිඥවරිය

ඔබ පල්ලෙහාට ගියාම කවුද හිටියේ

සාක්ෂිකාරිය

ඊබ්‍රාහිම් අයියාගේ (ඉල්හාම්ගේ පියා) කාමරේ ඔක්කොම කට්ටිය රැස්වෙලා හිටියා. මම ඇහුවා ඇයි මේ දුක්වෙලා ඉන්නේ කියල. ඒ යනකොට කෑම ඔක්කොම මේසේ තියෙනව. හිජාස් ඒ වෙලාවේ මට කිව්වා ඉල්හාම් මොනවද කියල හඬ පටයක් එවල තියෙනව කියල. මටත් අහන්න කියල එයා ලැප්ටොප් එක ඇඳ මත තියල ඒ කථාව දැම්මා.

රජයේ නීතීඥවරිය

කතාව ඇහුනද?

සාක්ෂිකාරිය

ඔව් ඇහුනා. අස්ලාම් මලෙක්කුම් කියන වචනය. ඒ හඬින්ම මම ඒ ඉල්හාම්ගේ හඬ කියල හඳුනා ගත්තා. ඒ වෙලාවෙම ගෙදර ගේට්ටුවට කවුරුහරි තට්ටුකරන හඬක් ඇහුනා. කට්ටිය කලබල වුණා. ලැප්ටොප් එක කබඩ්එකක් උඩ තිබ්බා. එතැන ඒ වෙලාවේ ඊබ්‍රහිම්, එයාගේ බිරිඳ, ඉල්හාම්ගේ වැඩිමහල් සහෝදරයා, ඉල්හාම්ගේ නංගි, හිජාස් සහ එයාගේ තාත්ත හිටියා.

රජයේ නීතීඥවරිය

කවුද ගේට්ටුවට තට්ටු කරල තිබුනේ

සාක්ෂිකාරිය.

හමුදාවේ සහ පොලීසියේ අයයි.

රජයේ නීතීඥවරිය

ඒ වෙලාවේ ගෙදර අය මොනවද කලේ.

සාක්ෂිකාරිය

හැමෝම කාමරයෙන් එළියට ආවා. පොලීසියේ කට්ටිය කිව්වා ගෑණු කට්ටිය එක පැත්තකටත් පිරිමි කට්ටිය තවත් පැත්තකටත් යන්න කියල. ඒ අතර පොලීසියේ කට්ටියක් උඩ තට්ටුවට ගියා. විනාඩි පහක් විතරක් යන්න ඇති. උඩ තට්ටුවෙන් බෝම්බ පිපුරුමක් සිදුවුනා.

සභාපති විනිසුරු

ඒ වෙලාවේ පල්ලෙහා මොනවද උනේ

සාක්ෂිකාරිය

පඩිපෙළේ ඒ ආපු දෙන්නෙක් වාඩි වෙලා හිටිය. දෙමටගොඩ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් යැයි ඒ අය කිව්වා. මම ඒ අයට කිව්වා දරුවෝ උඩ ඉන්නවා. මම ඒ අයව අරගෙන එන්න ඕනේ කියල. එවිට ඒ අය මට කිව්වා ඊට ඉඩදෙන්න බැහැ. හැම දෙයක්ම අපි බලා ගන්නම් කියල.

රජයේ නීතීඥවරිය

ඒ වෙලාවේ ගෙදර අය මොනවද කළේ.

සාක්ෂිකාරිය

කුස්සියේ වැඩ කරන අයත් එක්ක අපි ගැහුණු අය අටක් විතර හිටියා. පිරිමි කීදෙනෙක් හිටියද කියල දන්නේ නැහැ. පිපිරීමත් එක්කම අපිට එළියට යන්න කිව්වා. පාරේ අයිනේ අපි ඉඳගත්තා. මට හිතුනා දුවගේ කාමරේ ගාව තමයි පිපිරිලා තියෙන්නේ කියල. මට දියවැඩියාව තියෙනව. කාල හිටියෙත් නැති නිසා කලන්තයක් වගේ ආවා. ගෙවල් තුනකට එහා ගෙදරකට ගිහින් වතුර වීදුරුවක් ඉල්ලාගෙන බීල ටික වේලාවක් එහි රැඳී සිටියා.

විනිසුරු බන්දුල කරුණාරත්න

මෙයට පෙරත් දුව බලන්න යනවනේ. ඒ යන්නේ එන්න කිව්වාම ද?

සාක්ෂිකාරිය

එහෙම එන්න කිව්වම නෙමෙයි යන්නේ. දරුවෝ බලන්න ආස නිසා යනවා.

විනිසුරු

ඇයි හදිසියේම දුව එන්න කිව්වේ කියල හිතුනේ නැද්ද?

සාක්ෂිකාරිය

බෑණාට විපතක් ද දරුවන්ට කරදරයක් ද කියලත් හිතුනා.

විනිසුරු

ගෙදරට ගිය ගමන් හමුවුනේ කාවද?

සාක්ෂිකාරිය

ඉල්හාම්ගේ අම්මයි නංගියි හිටියා. එයාල එක්ක මම කථාකරන්න ගියේ නැහැ. කෙලින්ම උඩ තට්ටුවට ගිහින් දුවවයි හමුවුනේ.

විනිසුරු

මෙයට පෙරත් ඒ ආකාරයට දුව කුරාණය කියවනව දැකල තිබෙනවද?

සාක්ෂිකාරිය

කුරාණය කියවනව දැකල තියෙනව. ඒත් එදා තරම් උනන්දුවකින් කියවනව දැකල නැහැ. එයා මට කිව්වා කුරාණය කියවල ඉවරවෙන්න ඕනේ කියල. එතකම් මට කතාකරන්න එපා කියලත් කිව්වා.

විනිසුරු

මේ ගෙදර ළමයි පාසල් ගියාද?

සාක්ෂිකාරිය

නැහැ. ගෙදර තියාගෙනයි ඉගැන්නුවෙ. ඒ ගැන ඇහුවම දුව කිව්වා එයාට උගන්වන්න පුළුවන් කියල.

විනිසුරු

දුව මේ වගේ දෙයක් කර ගනීවි යැයි කියල ඔබ හිතුවද?

සාක්ෂිකාරිය

අබමල් රේණුවක තරමින්වත් හිතුවේ නැහැ. මම ඒ වෙලාවෙත් හිතුවේ උඩට ගිය කට්ටිය තමයි මේ දේ කරන්න ඇත්තේ කියල.

විනිසුරු

උඩ තට්ටුවට ඒ වෙලාවේ ගිය නිලධාරීන් අතේ මොනව හරි තිබුණද?

සාක්ෂිකාරිය

නැහැ. ඒත් මට හිතුනා එවැනි දෙයක්. මම හිතුවේ නැහැ දුව මෙවැනි දෙයක් කර ගැනීවි කියල. මගේ හෘද සාක්ෂිය අනුවයි මම එවැනි දෙයක් ඒ වෙලාවේ හිතුවේ. පස්සෙ තමයි දැන ගත්තේ ඒ අපරාධය දුව කරල තියෙනව කියල. පස්සේ මම ගෙදර ආපුවාම මගේ පුතා කිව්වා ෂැංග්‍රිලා බෝම්බය පුපුරවල තියෙන්නේ ඉල්හාම් කියල. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බය පුපුරවාගෙන තියෙන්නේ ඉල්හාම්ගේ සහෝදරයා කියල. ඒක ඇහුවම මට ඒ දුව කියල කියන්නත් කටට වචන එන්නේ නැති වුනා. එයාල කරල තියෙන්නේ රටට ද්‍රෝහි කමක්. දරුවන්ට මව්වරු,පියවරු අහිමි කරල. ඒවගේම දරුවෝ නැති කරල. (මෙම අවස්තාවේදී ඇය හැගුම්බර වන අයුරු කොමිසම නිරීක්ෂණය කළේය.)

විනිසුරු

මේ වගේ අන්තවාදී අදහස් දරණ අයට පණිවිඩයක් දෙන්න කැමතිද

සාක්ෂිකාරිය

ඒකරපු දේ අන්තිම වැරදියි. සියළුම මනුෂ්‍යයන්ට හැමවිටම ආදරය කළ යුතුයි. අපේ ආගමින් කියන්නෙත් ඒකයි

Tags: නවතම
Share76Tweet43
Previous Post

කරුණාගේ ලෙඩ බලන්න සී.අයි.ඩී.ය අම්පාරේ යයි

Next Post

පේදුරුතුඩුව වල්ලිපුරම් අම්මාන් කෝවිල සීල් තබයි

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.