ගාල්ල කොග්ගල සහ අහංගම සංචාරක හෝටල් කිහිපයක කටයුතු සොයා බැලීමට ජනපති රනිල් වික්‍රමසිංහ අද (31) එක් වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
පෙර දැනුම් දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මේ ආකාරයට නිරීක්ෂණ චාරිකාවක නිරත වූයේ සංචාරක හෝටල් හිමියන්ට මුහුණදීමට සිදුව ඇති ගැටළු සෘජුව සොයා බැලීමේ අපේක්ෂාවෙනි.
සංචාරක හෝටල්වල වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ සෘජු අවධානයට ලක් වූ අතර හෝටල් හිමියන්ට මුහුණ දීමට සිදුව තිබෙන ගැටලු සම්බන්ධවද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමටද කටයුතු කළේය.
එම සංචාරක හෝටල්වල නවාතැන්ගෙන සිටි විදේශීය සංචාරකයන් කිහිපදෙනෙකුගේ ද තොරතුරු විමසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන් සමඟ ද සුහද කතා බහකට එක් විය.
එක්සත් ජාතික පක්ෂ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.







