සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුලුවන්නම් වැරදි විදිහට ඇවිත් බලන්න… අවුරුද්දේ වැඩ ආරම්භ කරමින් මහජන උපයෝගීතා කොමිසම කැබිනට්එකට අභියෝග කරයි…

by editor
ජනවාරි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කැබිනට් මණ්ඩලය විසින් ඉදිරිපත් කරන යෝජනාව ඉදිරිපත් වන්නේ වැරදි ලෙස නම් එය මුලුමනින්ම ප්‍රතික්ෂේප කර නිශ්ප්‍රභා කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක නව වසරේ වැඩ භාර ගනිමින් යළිත් අවධාරණය කළේය.

ඔහු පවසන්නේ රටේ නීතියට පිටින් ගොස් නීතිපතිවරයාගේ අර්ථකථනයන් ලබාගෙන දුගීම ස්ථරයේ විදුලි බිල සියයට 1200කින් වැඩිකිරිමේ මේ වැඩපිළිවෙළට කිසිසේත් එකඟවිය නොහැකි බවය.

රටට ස්වාධීන කොමිෂන් සභා වැඩි වැඩියෙන් අවශ්‍ය වකවානුවක තිබෙන ස්වාධීන කොමිෂන් සභා ද දේශපාලනිකව විනාශ කිරීමේ ඉතිහාසගත වැරැද්ද ආණ්ඩුව සිදුකරන බව පැවසූ සභාපතිවරයා ඉදිරියේ දී එන අභියෝග ජයගැනීමට අවශ්‍ය ශක්තිය, දැනුම, අවබෝධය මහජන උපයේගීතා කොමිසමට ඇති බව කීවේය.

“අපි බලමු යෝජනාව එන්නෙ කොහොමද කියලා.“ සභාපතිවරයා පැවසුවේය.

ඔහු මෙසේ ද කීවේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

අභියෝගාත්මක තැනකට මහජන උපයෝගිතා කොමිසම ඇවිත‍් තිබෙන්නෙ. මමත් විශාල මාධ්‍ය  ප්‍රකාශ කරනවා. මේක ස්වාධීන ආයතනයක්. ඒ ස්වාධීනත්වය නැති කිරීමට පසුගිය කාලය ඇතුළෙ දේශපාලන අධිකාරිය විසින් කටයුතු කරනු ලබනවා. ඒක හොඳ දෙයක් නමෙයි. ඉතිහාසගත වැරැද්දක් කරන්න යන්නෙ. මේ වගේ ස්වාධීන ආයතන තවත් අවශ්‍ය වෙලාවක මේ ස්වාධීන ආයතනයට බලපෑම් කිරීම ඒ තරම් කාලෝචිත දෙයක් නෙමෙයි.
අලුත්ම ප්‍රශ්නය තමයි,  අපි දන්නවා විදුලි බිල වැඩි කිරීමේ ක්‍රමවේදය විදුලිබල පනතේ සහ මහජන උපයෝගීතා පනතේ ලියලා තියනවා.

ඒ ක්‍රමවේදයට පරිබාහිරව වැරදි අර්ථකථනයක් නීතිපතිවරයාගෙන් අරගෙන ඒ අර්ථකථනය අනුව විදුලිය වැඩිකිරීමේ ක්‍රමවේදයක් සකස් කරගෙන යනවා.

ඒ සම්බන්ධව මා කොමිසමේ සාමාජිකයන් සමග සාකච්ඡා කළා. අපි ඒ සඳහා කිසිම අවසරයක් ලබා දීමට බලාපොරොත්තු වෙන්නෙ නෑ.

හේතුව තමයි විදුලි බිල වැඩිකරලා දැන් මාස 04යි. අගෝස්තුවල වැඩි කළේ. මේ වගේ රට පරිහානියට පත් වෙලා තිබෙන අවස්ථාවක නැවතත් පහුගිය වෙනස් කිරීමක් කළ යුතු ද. ඒ සඳහා පාදකවන හේතු මොනවද?. සාධක මොනවද කියන පදනම මත මේ එයට අවස්ථාව නොවන බව මගේ පුද්ගලික අදහස. ඉහළ කළමණාකාරිත්වයේ අදහසත් ඒකයි.

“ඒකට හේතුව තමයි කැබිනට් එකට දාලා තියන විදුලි බිල වැඩිවීමේ තියෙන්නෙ ඉතාම අසාධාරණ ක්‍රමවේදයක්. ඒකට හේතුව තමයි රටේ ලක්ෂ 50ක්වන විදුලිය ඉතාම අඩුවෙන් පාරිභෝජනය කරන පාරිභෝගිකයින්ගේ විදුලිය වැඩි කිරීම සඳහා තමයි මේක යෝජනා කරලා තියෙන්නේ.“

“ඒකක 0 – 30ත් අතර පරිභෝජනය කරන ලක්ෂ 17ක් අතර ප්‍රමාණයකට සියයට 1200කින් විදුලි බිල වැඩි කරන්න යනවා. එක්ක 120ට වඩා අඩුවෙන් පාවිච්චි කරන පාරිභෝගිකයින්ගෙන් බිලියන 100කට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් ලබන අවුරුද්දේ අය කරගැනීමේ ක්‍රමවේදයක් අලුත් අය ක්‍රමය ඇතුළෙ තියෙන්නෙ. එය බදු ප්‍රතිපත්තිවලට සාධාරණ ක්‍රමවේදයට සම්පූර්ණ විරුද්ධයි. එය කළ යුතු දෙයක් නෙමෙයි.“

“අප දන්නවා දැන් කතා කරනවා මන්දපෝෂණය ගැන. විරැකියාව ගැන කතා කරනවා. එහෙම කතා කරනකොට අඩුවෙන් ආදායම ලබන අයගේ විදුලි ගාස්තු වැඩි කරලා ඒ අයගෙන් ලැබෙන ආදායමෙන් විදුලි බල මණ්ඩලයට තියන අලාභය, ඉදිරියට අවශ්‍යවන ගල් අඟුරු හා තෙල් ලබා ගැනීමේ ක්‍රියාදාමයකට යන එක එච්චර සාධාරණ ක්‍රියාවලියක් නමෙයි.“

“ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එම යෝජනාව කැබිනට් මණ්ඩලයෙන් වැරිදි විදිහට ආවොත් එය නිශ්ප්‍රභා කරන්න. ඒ සම්බන්ධව කිසිම දේකට අපි පැකිලෙන්නෙ නෑ. “

“කලින් ක්‍රමවේදයට අනුව නියමිත ලෙස ගාස්තු වැඩිකිරීම ඉල්ලා තිබෙනවා නම් එය දීමේ ප්‍රශ්නයක් නෑ. නමුත් අපි හිතනවා මේ ඊටත් අවස්ථාව නෙමෙයි කියලා.“

“ඉදිරියට අපි බලමු යෝජනාව එන විදිහ ගැන. අපි දන්නවා මහජන උපයෝගීතා කොමිසම ඉන්නේ ඉතාම අභියෝගාත්මක තැනක. “

“ඉදිරි අභියෝග ඉදිරියේ ක්‍රියා කිරීමට අපට අවශ්‍ය දැනුම ශක්තිය අවබෝධය තියනවා. අපිට බය වෙන්න යෙදක් නෑ. ඉදිරියේ දී ඉතාම සාධාරණ විදිහට අපි මේ කටයුත්ත කරගෙන යමු. “

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩුබායි ඉඳන් ගෝඨා යළි ඇමරිකන් පුරවැසිකම ඉල්ලයි… ඇමරිකා යන බව මුලින් ප්‍රචාරය වුනත් ඔහු තවම ඩුබායිවල…

Next Post

මොන විරෝධතා ආවත් ආණ්ඩුව විදුලි බිල වැඩිකිරීමේ දැඩි ස්ථාවරයක…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.