මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට ඔහුගේ අනුමැතියෙන් පොලිසියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් මාරු කිරීමට කිසිම බලයක් නැති බවත් එබැවින් තමන් වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීමට අදාලව මහජන ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඊයේ (25) නිකුත් වී තිබුණු අනීතික නියෝගය පිළිපැදීමට තමන් බැඳී නැති බවත් දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලකට ලිඛිතව දැනුම් දී තිබේ.
රටේ උත්තරීතර නීතිය ප්‍රකාරව පොලිස් නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් සඳහා බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිසමටය.
පොලිස් කොමිසම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ස්ථාන මාරුවීම් සිදු කිරීම සඳහා කිසිම බලයක් අමාත්‍යාංශ ලේකම්වරයාට ලබා නැති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම් වියානි ගුණතිලකට සිහි කර දෙයි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවයේ අවශ්‍යතා මත මහජන ආරක්ෂ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතියෙන් තමන් දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරුකිරීම සම්බන්ධව ඊයේ (25) නිකුත් කර ඇති 02/08/SGO/02/2023 දරන ලිපිය අනීතික බව ද ඉන් බල අතික්‍රමණයක් සිදුවී ඇති බව ද පෙන්වා දෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මහජන ආරක්ෂක ලේකම්වරයාට දන්වා ඇත්තේ ස්ථාන මාරුවීම් පටිපාටියේ “ආවරණ අනුමැතිය” නම් සිද්ධාන්තයක් ද නොමැති බවය.
ස්ථාන මාරුවීම් සම්බන්ධව පොලිස් කොමිසමේ අනුමැතියක් නොමැතිනම් එම ස්ථාන මාරු නියෝග වලංගු නොවන බවද ඔහු ලේකම්වරයාට පවසයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවසාන වශයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ට දැනුම් දෙන්නේ මෙසේය.
“ පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය අනුව සහ විජේසූරිය එදිරිව රජය 1974 NLR 25 නඩුවේ තීරණ අනුව අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට මා බැදී නොමැත.”
“ ඒ අනුව පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව බලා දී ඇති එම ස්ථාන මාරුවීම නියෝගය ක්‍රියාත්මක කිරීමට මා බැඳී නැති බව කාරුණිකව දන්වා සිටිමි.”
එම ලිපිය මෙසේය.