රන්මල් කොඩිතුවක්කු පුද්ගලයෙකුට පහරදී නිරුවත්කර ඡායාරූප ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිට දැනුම්දී තිබේ.
ඒ පහර කෑමට ලක්වූ පුද්ගලයා විසින් නීලකන්දන් සහ නීලකන්දන් නීති සමාගම මගින් යොමුකල පැමිණිල්ලකට අනුව මෙම දැනුම්දීම කර ඇත.







