සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිවරු ජනපති අගමැති බෙදාගෙන කරන හිරිකිත බිස්නස් එකක් ගැන රවි කුමුදේශ් කියයි

by Lanka Sara Editor
නොවැම්බර් 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මැදපෙරදිග යන ශ්‍රමිකයන්ගේ ක්ෂණික PCR, ඇමතිලාගේ සහ ගෝලයන්ගේ ඉල්ලමක් කරගැනීමට සූදානම් වන බව
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

ඇමතිවරු රාජ්‍ය ඇමතිවරු, මිතුරු ඇමතිවරුන් අගමැති සහ ජනාධිපති තුමා දෙකට බෙදාගනිමින් හිරිකිත නැති බිස්නස් අරගලයක යෙදී සිට්න බව සභාපතිවරයා නිවේදනයක් මගින් චෝදනා කර සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ගුවන් සේවා අමාත්‍යාංශය මැද පෙරදිග යන අහිංසක මිනිස්සුන්ව අමාරුවේ දමා මාෆියාකාරයන්ගේ මඩි තර කිරීමට බොරු සැලසුම් හදන බවට ද ඔහු චෝදනා කර සිටී.

මැද පෙරදිග රාජ්‍යන් සදහා ඇතුලු වීම සදහා, ගුවන් ගත වීමට පැය 3කට පෙර PCR පරීක්ෂාවක් අවශ්‍ය බවට නීතියක් පැනවුණ අතර එය පසුව පැය 6කට පෙර බවට සංශෝධනය විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම නිතිය එම රාජ්‍යන් විසින් පැන්වූ නීතියක්ද, නො එසේ නම් එමිරේට් ගුවන් සමාගම විසින් පනවන ලද්දක්ද යන්න පවා පැහැදිලි කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙතෙක් පැහැදිලි කිරීමක් සිදු කර නොමැති නමුත්, එය ව්‍යාපාරික ඉල්ලමක් කර ගැනීමට දෙපාර්ශවයම කඹ අදිමින් සිටින බව පැහැදිළිවම පෙනෙන්නට තිබෙන බව ඔහුගේ චෝදනාවයි.

මෙම අවශ්‍යතාවය ඉටු කරදෙන ලෙස සිවිල් ගුවන් සේවා අමාත්‍යාශය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පසුගිය අගෝස්තු මාසයේ විමසා ඇති අතර, සෞඛ්‍ය ලේකම් වරයා ඒ සදහා ලබා දී ඇති ඔහුවත් නොදන්නා තාක්ෂණයක් පිළිබද ලබා දුන් උපදේශය හරහා මෙම මාෆියාවට පාර කපා ඇති බව සභාපතිවරයා සිය නිවේදනයෙන් පෙන්වා දී තිබේ.

ඒ අනූව ඒවන විටත් පැය තුනක කාලයක් ඇතුලත PCR පරීක්ෂාවක් සිදු කිරීමට ගුවන්තොටුපල පරිශ්‍රයේ පවතින රසායනාගාර දෙකකට ඉතා හොද හැකියාවක් පැවතියදී, ඒ වන විටත් ටෙන්ඩර පටිපාටිය උල්ලංගනය කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ගොඩ බෑමට වලි කමින් සිටි, ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පවා නොමැති යන්ත්‍රයක නම සදහන් කරමින් පෞද්ගලික රසායනාගාර කිහිපයක් මගින් එම අවශ්‍යතාවය ඉටු කර ගන්නා ලෙස, 2021.08.09 දින වගකීම් විරහිත ලිපියක් නිකුත් කිරීම මෙම ගසාකෑමේ ව්‍යාපාරික තරග මාලාවේ ඇරඹුම බව රවි කුමුදේශ් මහතා පෙන්වා දී තිබේ.

කෙසේ නමුත් එතැන් සිට කෙටිකාලයකින් සිදු කල යුතු PCR සදහා කෙතරම් වේගයෙන් කල හැකි තාක්ෂණය තිබුණද, ලේකම් වරයා නම් කල යන්ත්‍රවලට එය සීමා වී ඇත, එම තාකෂණික කාරණය පිළිබදව සෞඛ්‍ය ලේකම් වරයා උපදෙස් ලබාගෙන ඇත්තේ කිනම් පාර්ශවයකින්ද යන වග තවමත් පැහැදිලි නැත.

කෙසේ නමුත් මේ වන විට මැද පෙරදිග ගුවන් මගීන්ගේ රැපිඩ් PCR සිදු.කිරීම සදහා ගුවන්තොටුපල රථ ගාලේ ගල උඩ සටනක් ආරම්භ වී ඇති අතර, අදාල රසායනාගාර වලටත් වඩා එම සටන ඇමතිවරුන්ගේ සහ නිලධාරීන්ගේ කොමිස් වුවමණාව මත සිදු කෙරෙන්නක් බව පැහැදිළිවම පෙනෙන්නට තිබේ.

ගුවන් තොටුපල බලධාරීන් විසින්, 2021. 11. 02 දින ටෙන්ඩරයක් කැදවා ඇති අතර, එක් පරීක්ෂාවකින් රු 1000ක් ගුවන් තොටුපලට කොමිස් මුදලක් වශයෙන් අවශ්‍ය බවට ටෙන්ඩරයේම සදහන් කරන තරමට, මහ ජනතාව ගසාකන කොමිස් තරගය නිර්ලජ්ජිත ලෙස ඉහලට පැමිණ ඇත. එසේම ටෙන්ඩරයට සහභාගීවන දිනය වන විටත් නාරාහෙන්පිට ප්‍රදේශයේ එක්තරා රසායනාගාරයකට “රථ ගාල් ලැබ්” සංකල්පය යටතේ කූඩාරමක් ගසා ගැනීමට ගුවන් තොටුපල බලධාරීන් අවසර දී තිබීම මගින් ගොනා හැරෙන්නේ කුමකටද යන්න තේරුම් ගත හැකව තිබුණි.

රසායනාගාරයක් හෝ එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදි කිරීම සදහා පෞද්ගලික වෛද්‍ය නියාමන අධිකාරියේ අවසරය තිබිය යුතු අතර, PCR පරීක්ෂණ සිදු කෙරෙන ඕනෑම ස්ථානයක් සදහා සෞඛ්‍ය අමාත්‍යාංශ අවසරයක් තිබිය යුතුය. නමුත් එම තීරණ අභිබවමින් අධි ආරක්ෂිත කලාපයේ තිබෙන ගුවන්තොටුපල රථ ගාලේ එලෙස නිසි පැවරුමක් නොමැතිව කඩිමුඩියේ රසායනාගාර කූඩාරම් හැදීමේ අවසරය ලබා දීමට එසේ මෙසේ බලවතෙකුට නොහැකි බව ඉතා පැහැදිලිය.

මේ සියල්ල සිදු වන්නේ සෞඛ්‍ය කැබිනට් ඇමතිවරුන්ගේ පාලනය යටතේ හා සංචාරක හා සිවිල් ගුවන් සේවා කැබිනට් අමාත්‍යවරයා යටතේ වෙන් වෙන් වශයෙන් සුපිරි රසායනාගාර දෙකක් ගුවන්තොටුපල පරිශ්‍රය තුල ක්‍රියාතමකව පැවතිදී වීම, මගින් මෙම මාෆියාවේ තරම පිළිබදව ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ තේරුම් ගැනීම සදහා වැදගත්වනු ඇති බව ද රවි කුමුදේශ් මහතා පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පුද්ගලයෙකුට නිරුවත්කර පහරදීම ගැන රන්මල් කොඩිතුවක්කු විශේෂ විමර්ශනයක්…

Next Post

15 හැවිරිද දරුවෙක් පැදවූ රථයක් වැලිසර දී මාරක අනතුරක් කරයි.. පුද්ගලයෙක් මිය යයි….

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.