කීර්ති ප්‍රනාන්දු –
පොසොන් පොහොය දින මිනුවන්ගොඩ නගරයේ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොසලකා හරිමින් පවත්වාගෙන ගිය සිසිල් බීම දන්සල් දෙකක් සහ අයිස්ක්‍රීම් දන්සලක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම ක්‍රියාත්මක කරන තුරු තාවකාලිකව වසා දමා සෞඛ්‍යයට අහිතකර ලෙස සකසා ජනතාවට බෙදා දෙමින් තිබූ සිසිල් බීම විනාශ කර දැමූ බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .
එහිදී මිනුවන්ගොඩ නගරයේ පවත්වාගෙන ගිය එක් සිසිල් බීම දන්සැලක සිසිල් බීම ශීත කිරීම සඳහා අයිස් කැට සිලිසිලි උරවල දමා සාදන ලද සිසිල්බීම බඳුන්වල ගිල්වා තිබූ බවත් එම අවස්ථාවේදීම එම සිසිල් බීම දන්සැල නවත්වා පානය කිරීමට නුසුදුසු තත්ත්වයේ තිබූ සිසිල් බීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේම දන්සලේ සංවිධායකවරුන් ලවා බිමට හලා විනාශ කළ බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
එසේම නගරයේ තවත් සිසිල් බීම දන්සැල ක ජනතාව විසින් බීම පානය කිරීමෙන් පසුව ඉවතලන කෝප්ප දැමීමට තබා තිබූ කසළ බඳුන්වල එකතුවන කෝප්ප රැගෙන සෝදා නැවත ඒවාට සිසිල්බීම දමා ජනතාවට බෙදාදීම නිසා එම දන්සලද අලුතින් කෝප්ප රැගෙන එන තුරු තාවකාලිකව නවතා දැමීමට සිදු වූ බව ද සෞඛ්‍ය නිලධාරීහු පැවසීය .
මෙම දන්සැලේ සිසිල් බීම සංග්‍රහ කිරීමට යොදාගෙන තිබූ කෝප්ප එක් වරක් භාවිතා කිරීමෙන් පසු ඉවත් කළ යුතු ඒවා වුවද දන්සැලේ සංවිධායකයින් එම කෝප්ප කිහිප වාරයක්ම සෝදමින් භාවිතා කර තිබූ බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කීය .
මේ අතර හුරීගහමුල ප්‍රදේශයේ පැවති අයිස්ක්‍රීම් දන්සලක අයිස්ක්‍රීම් බෙදාදෙනු ලබන පුද්ගලයන් අත් ආවරණ හා මුව ආවරණ නොමැතිව අයිස්ක්‍රීම් බෙදාදීම සිදු කිරීම නිසා එහි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සම්පූර්ණ කරන තුරු තාවකාලිකව එම දන්සල ද නවතා දැමූ බව සෞඛ්‍ය නිලධාරීහු වැඩිදුරටත් පැවසූහ.