ජගත් පරිසර දිනය අදට (05) යෙදී තිබේ. 1972 එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයෙන් ගත් තීරණයකට අනුව පුරා වසර 50ක් තිස්සේ ජූනි 05 වැනිදා ජගත් පරිසර දිනය ලෙස ලොවම එක්ව සමරනු ලබයි.
“ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” යන්න මෙවර ජගත් පරිසර දිනයේ තේමාව වී ඇත.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එච්. පතිරගේ පවසන්නේ “ප්ලාස්ටික් දූෂණය පිටුදකිමු” කියන මාතෘකාව ඔස්සේ වැඩසටහන් කිහිපයක් ජගත් පරිසර දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන බවය.
ඒ යටතේ මධ්‍යම පරිස අධිකාරිය විසින් ලංකාව තුළට පොලිතින් සහ ප්ලාස්ටික් ගෙන එන ආයතන විධිමත් කිරීම හා එක්වරක් පමණක් භාවිත කර ඉවතලන ප්ලාස්ටික් වර්ග 4ක් තහනම් කිරීමෙන් ප්ලාස්ටික් නැණවත් භාවිතයකට හුරු කිරීම සඳහා දීප ව්‍යාප්ත දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත.
ලෝක පරිසර දිනයේ ප්‍රධාන උත්සවය කොළඹ පිටකොටුව ප්‍රදේශයේ අද උදෑසන සිට දහවල් 2 දක්වා පැවැත්වේ.