බම්බලපිටිය, ෆොන්සේකා පෙදෙසේ දී ගුවන් භටයෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
පොලීසිය පැවසුවේ, මියගොස් ඇත්තේ ත්රිකුණාමලය, අභයපුර ප්රදේශයේ පදිංචිව සිටි ශ්රී ලංකා ගුවන් හමුදාවේ සැරයන්වරයෙකු වන 38 හැවිරිදි අයෙකු බවයි.
මියගිය පුද්ගලයා තවත් ගුවන් හමුදා සාමාජිකයින් කිහිප දෙනෙකු සමඟ රාජකාරියේ යෙදී සිටියදී ෆොන්සේකා පෙදෙසේ ඉඩමක පාළු නිවසක් අසලදී සිය රාජකාරි ගිනි අවිය භාවිත කර වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇතැයි අනාවරණය වේ.
මහේස්ත්රාත් පරීක්ෂණය පවත්වා මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.







