ලලිත් චාමින්ද –
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ (2021) ප්‍රතිඵල අනුව මෙවරද දකුණු පළාත පිට පිට අටවන වතාවටත් අනිකුත් සියලු පළාත් අභිබවමින් ප්‍රථමස්ථානයට පැමිණ ඇති බැව් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ පවසයි.
දකුණු පළාතේ මෙවර විභාගය සමත්වී ප්‍රතිශතය සියයට 78.15ක් ලෙස වාර්තා වී තිබේ.
විභාග දේපාර්තමේන්තුව මගින් නිකුත් කරණු ලැබු සාමාන්‍ය පෙළ ප්‍රථිපලවලට අනුව මෙවර දකුණු පළාතේ සිසු දරු දැරියන් 39487 දෙනෙකු විභාගයට පෙනිසිටි අතර ඉන් සිසු දරු දැරියන් 30860 දෙනෙකු විභාගය සමත්ව ඇති බවද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.
ඒ අනුව විභාගය සමත්විමේ ප්‍රතිශතය සියයට 78.15කි.
මෙවර විභාග ප්‍රථිපලවලට අනුව විභාගය සමත්විමේ ජාතික මට්ටමේ ප්‍රතිශතය සියයට 74.52කි. දකුණු පළාතේ අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්යාල 11කින් 10ක්ම සා .පෙළ විභාගය සමත්විමේ ජාතික මට්ටමේ ප්‍රතිශතය අභිබවාගොස් ඇති බවද ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ පෙන්වාදෙයි.
විභාග ප්‍රථිපලවලට අනුව බස්නාහිර පළාතේ සිසු දරු දැරියන්ගේ විභාගය සමත්විමේ ප්‍රතිශතය සියයට 76.08කි. සමත්වීමේ ප්‍රතිශතය අනුව බස්නාහිර පළාත දෙවැනි ස්ථානයට පැමිණ ඇත.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පාසල් දරු දැරියන් 311,321 දෙනෙකු පෙනි සිටි අතර ඉන් 231,982 නෙකු අ.පො.ස උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇත.