එංගලන්තයේ හා වේල්සයේ සිදු කරන ලද ජනගහණය වාර්තාවකින් පළමු වතාවට එංගලන්තයේ හා වේල්සයේ අඩකටත් අඩු සංඛ්‍යාවක් තමන් ක්‍රිස්තියානුවන් බව පවසා ඇතැයි ‘ද සෙන්සස් 2021’ වාර්තාව හෙළිදරව් කරයි.
ප්‍රතිශතයක් ලෙස ගත් කළ තමන් ක්‍රිස්තියානි බව පැවසූ පුද්ගලයින් සංඛ්‍යාව සීයට 46.2ක් බවත් ආගමක් රහිත බව ප්‍රකාශ කළ සංඛ්‍යාව 37.2 % ක් බවත් එම අවසන් වාර්තාව හෙළිදරව් කර තිබේ. 2011 වසරේ 4.9%ක් ලෙස වාර්තා වූ මුස්ලිම් ආගමිකයින් සංඛ්‍යාව පසුගිය වසරේදී සීයට 6.5ක් වී තිබේ.
මෙම වාර්තාව සකස් කිරීමේදී ජනතාවගෙන්, ඔවුන්ගේ ආගමික විශ්වාසය හෝ ආගම කුමක්දැයි විමසනු වෙනුවට ආගම ගැන පුළුල් ප්‍රශ්න විමසා තිබිණි.
“ආගමක් නෑ කියන එකෙන් අදහස් වෙන්නේ ඔවුන්ට විශ්වාසයක් නෑ කියන එක නෙමෙයි..” ජනතාවගේ පිළිතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලන්ඩන් හි ‘කින්ග්ස් විද්‍යාලයේ ආචාර්ය ලින්ඩා වුඩ්හෙඩ් පවසයි.
‘ද සෙන්සස් 2011’ වාර්තාව මඟින් ජනතාවගෙන් ඔවුන්ගේ ජාතිය හෝ අයත් වන ජනවාර්ගික කණ්ඩායම සම්බන්ධයෙන් ද ප්‍රශ්න කර තිබිණි. එහිදී එංගලන්තයේ හා වේල්සයේ පදිංචිකරුවන්ගේ 81.7% ක් සුදු ජාතිකයින් වූ අතර එය දශකයට පෙර පැවති 86.0 වඩා අඩු වීමක් බව එම වාර්තාව පෙන්වා දෙයි.
එලෙසම එම රටවල් වල සම්පූර්ණ ජනගහණයෙන් 74.4 % ක් සුදු ජාතිකයින් සේම ඉංග්‍රීසි, වෙල්ෂ්, ස්කෝටිෂ්, උතුරු ඉරිෂ් හා බ්‍රිතාන්‍ය ලෙස හඳුනාගෙන තිබිණි. මීට අමතරව වඩාත් පොදු ජනවාර්ගික කණ්ඩායම වූයේ ආසියානු, ආසියානු බ්‍රිතාන්‍ය හෝ ආසියානු වෙල්ෂ් ය. එම සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස 9.3% කි. ජනගහණයෙන් 2.5% ක් කළු, කළු බ්‍රිතාන්‍ය, කළු වෙල්ස, කැරිබියන් හෝ අප්‍රිකානුවන් බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් ය.