නේපාලයේ උතුරු මායිමේ සිදු වෙන චීනයේ සලාමි ස්ලයිසස් උපායමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස උතුරු මායිමේ හෙක්ටයාර් 36ක ඉඩම් 10ක් චීනය විසින් ආක්‍රමණය කරන ලද බව ඒඑන්අයි පුවත් සේවය වාර්තා කරයි.
මෙම තොරතුරු හෙලිදරව් වී තිබෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය නිකුත් කරන ලද සමීක්ෂණ වාර්තාවකිනි. ඒ අනුව චීනය, නේපාලයේ බටහිර හම්ලා දිස්ත්‍රික්කයේ ඈත කෙළවර ඇළ මාර්ග හා මාර්ග ඉදිකිරීමට උත්සාහ කරමින් සිටියි.
2016 වසරේදී චීන මහජන විමුක්ති හමුදාව ( ) නේපාලයේ දිස්ත්‍රික්කයක සත්ත්ව පාලනය වෙනුවෙන් පශූ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදි කළ අතර ඒ සම්බන්ධයෙන් නේපාලය කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීය.
එක්සත් රාජධානිය මූලික කර ගත් මාධ්‍ය 2022 පෙබරවාරි මාසයේ දී වාර්තා කළේ නේපාලය හවුල් මායිම් ආක්‍රමණය කර ඇති බවට චීනය චෝදනා කළ බවයි.
මේ අතර, චීනයේ මායිම් ආක්‍රමණය හේතුවෙන් නේපාල ගොවීන්ට පශූ සම්පත් තණබිම් සීමා කිරීම්වලට මුහුණ පාන්නට සිදු වී ඇති අතර දේශසීමාවේ හින්දු හා බෞද්ධ සිද්ධස්ථානවලට ද තහනම් පැනවී ඇත.
මේ වන විට චීන ආක්‍රමණයට නේපාලයේ මායිම් දිස්ත්‍රික්ක 15කින් හතක් මුහුණ පා ඇත. එම දිස්ත්‍රික් වන්නේ ඩොල්කා, ගොර්ඩකා, ඩාර්කියුලා, හම්ලා, සින්ධුපල්කොක්, සන්කුවාසා හා රාසුවා දිස්ත්‍රික්කය.







