වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මීට සුළුවේලාවකට පෙර දිවුරුම් දී තිබේ.
‘පැල්මඩුල්ලේ චොකා මල්ලී ලෙස ප්‍රසිද්ධ මන්ත්‍රීවරයා 2015 ජනාධිපතිවරණයට පෙර වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමට හා දෙදෙනෙකුට තුවාල කිරීම යන චෝදනාවලට වරදකරු වී මහාධිකරණය විසින් 2020 ජූලි මස 31 වැනිදා මරණීය දණ්ඩනය නියම කරන ලද අයෙකි.
පසුව, ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදී රත්නපුර මහාධිකරණයේ තීන්දුව දෝෂ සහිත බව පවසමින් ඔවුන් අභියනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු විය.
එහිදී චොකා මල්ලී හා ඔහු සමග මරණීය දණ්ඩනයට ලක් වූ දෙදෙනා මරණීය දණ්ඩනයෙන් නිදොස් කොට නිදහස් කරන ලදී.







