ප්‍රජාතන්ත්‍රවාදයේ මෙන්ම නීතියේ මූලික නිර්නායකයන් උල්ලංඝනය කරන ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ පනතින් සිදුකරන අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් නවත්වන මෙන් බල කරමින් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ මූලස්ථානය ඉදිරිපිට ප්‍රකට උද්ඝෝෂණ ස්ථානය වූ කැඩුණු පුටුව පාමුළ ඊයේ (11) යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ විරෝධතාවයක නිරත වූහ.

ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග සහිතව කෙරෙන ප්‍රශ්න කිරීම සම්බන්ධව ඔවුහු ලෝකයට හඬගා කියන්නට මේ ප්‍රවේශය තෝරාගෙන තිබුණහ.
අදින් ඇරඹුන මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාවක් ඉදිරිපත්වී ඇති අතර ඉන් ප්‍රධානම කාරණාවක් වන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්තවාදීන් නොවන පිරිස් අත්අඩංගුවට ගෙන සිදුකරන මර්ධනය ය. එමෙන්ම භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කරන ලෙස ද එම යෝජනාවෙන් අවධාරණය වී තිබිණි. 
එමෙන්ම පසුගිය වසර තුළ පූර්ණ කිරීමට එකඟ වූ මානව හිමිකම් තත්ත්වයන් පැහැර හැරි ඇති ආකාරයත් එම වාර්තාව මගින් නිරීක්ෂණය කර තිබේ.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව එවකට විදේශ ඇමතිවරයා ලෙස තමන් විසින් ලෝකයට දුන් පොරොන්දුව පවතිද්දී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම ඉතා නරක ප්‍රතිවිපාක ගෙන දෙනු ඇතැයි හිටපු විදේශ ඇමති ජී.එල් පීරිස් මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළේය.







