අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැරිස් ඔලිම්පික් උළෙලට ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ තරුණයෙකු අත්අඩංගුවට!

by lankasara-editor
ජූනි 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පැරිස් ඔලිම්පික් උළෙල අතරතුර පැවැත්වීමට නියමිත පාපන්දු ඉසව්වලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් ප්‍රංශ ආරක්ෂක බලධාරීන් විසින් ව්‍යර්ථ කළ බව එරට බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන පරිදි ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ පැරිසියේ සිට සැතපුම් 260 ක් පමණ දකුණින් පිහිටා ඇති Saint Etienne නගරයේ සැලසුම් කර ඇති පාපන්දු තරඟවලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුමක් පිටුපස සිටි බවට සැකපිට 18 හැවිරිදි තරුණයෙකු පසුගිය මැයි 22 වන දා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රංශයේ ජාතික ත්‍රස්ත විරෝධී නඩු පවරන්නන්ගේ කාර්යාලය ඊයේ එනම් සිකුරාදා (31) ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අයිඑස් සංවිධානයේ ජිහාඩ් මතවාදය වෙනුවෙන් මෙලෙස ප්‍රහාර සැලසුම් කළ බවට ප්‍රංශ බලධාරීන් එම තරුණයාට එරෙහිව මූලික ත්‍රස්තවාදී චෝදනා ඉදිරිපත් කළ බවයි. එම තරුණයා වැඩිදුර විමර්ශන සඳහා අත්අඩංගුවේ පසුවන බව ද සඳහන්.

මූලික විමර්ශන වලදී මෙම පුද්ගලයා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ පාපන්දු තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිත Saint Etienne නගරයේ Geoffroy Guichard  ක්‍රීඩාංගණය ඉලක්ක කරගෙන ප්‍රහාරයක් සූදානම් කරමින් සිට ඇති බව අනාවරණය වී ඇති අතර තරඟ වලට සහභාගී වන ප්‍රේක්ෂකයින් සහ පොලිස් බලකායන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර සැලසුම් කර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

පැරිස් ඔලිම්පික් උළෙල එළඹෙන ජූලි 26 වන දා සිට අගෝස්තු මස 11 වන දා දක්වා පැවැත්වෙන අතර මිලියන 10 ක් පමණ නරඹන්නන් ප්‍රමාණයක් සහ 10,000 ක් පමණ වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක්  පැරීසියට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ප්‍රංශය ඔලිම්පික් උළෙලට එල්ල විය හැකි ප්‍රහාර සම්බන්ධයෙන් ඉතා අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකට කඩුවකින් කොටා දෙපළ කොල්ල කෑ “ස්පා කණ්ඩායමක්” ගැන කෑගල්ල පොලිසිය සෙවිල්ලෙන්!

Next Post

සලමන් ඛාන් මරා ලංකාවට පනින්න හිටිය අපරාධකරුවන්ගේ කතාව!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.