බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැමිණිලිකාර මන්ත්‍රි තුන් කට්ටුව අමාරුවේ දැමූ අසාත් සාලි නිදහස් කළ නඩු තීන්දුව !

by Lanka Sara Editor
දෙසැම්බර් 2, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සටහන – හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්

නැක්සලයිට් කතාව පැරදු කුමන්ත්‍රණයක් වු අසාද් සාලි ⁣නඩුව

– මේ මිලේච්ඡත්වය අවසන් කළ යුතුය

 

දේශපාලන විරුද්ධවාදීන් දඩයම් කිරීම සඳහා පොලීසිය, නීතිපති දෙපාර්තමේන්තුව යොදා ගැනීම පිළිබද ඉතිහාසයේ අපකීර්තිමත්ම නඩු විභාගයකින් අවසානයේ මහාධිකරණය හිටපු බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි නිදොස් කොට නිදහස් කළේය.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජාතීන් අතර අසමගිය ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිට අසත් සාලිට චෝදනා ගොනු කර තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයි.සී.සී.පී.ආර්) යටතේ ය. අද උදේ කොළඹ අංක 2 මහාධිකරණයේ අංක දරණ 2778/21 නඩු තීන්දුව බලන්නට අධිකරණ භුමියෙත් ඉන් පිටතත් සෑහෙන පිරිසක් රැස්ව සිටියහ.

නඩු තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව උසාවිය ඇමති විත්තියේ නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කිසිදු ප්‍රමාණවත් සාක්ෂියක් නොමැතිව, විකෘතිකරන ලද  ප්‍රකාශයක් මත පදනම් කරමින් චෝදනා ගොනු කිරීම සම්බන්ධයෙන් සිද්ධිය පිළිබඳ පොලීසියට පැමිණිලි කළ පුද්ගලයින්ට අධිකරණයට කැඳවන ලෙස ඉල්ලා සිටියේය.

ගුණරත්න මහතා විවෘත අධිකරණයේ දී පැවසූවේ ‘අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් හේතුවක් නොමැතිව, වැරදි කරුණු මත මේ පැමිණිල්ල කර ඇති බවයි. මුළු අධිකරණයම මීයට පිම්බාක් මෙන් නිහඩව සිටි මොහොතක විනාඩි 12 කට වැඩි දේශනයක් සිදු කළ ජනාධිපති නීතිඥ ගුණරත්න මේ පැමිණිල්ල මුළුමනින්ම ‘‘ ද්වේශ සහගත බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය ප්‍රකාරව තම සේවාදායකයාට කාලය, ආදායම සහ මෙම ප්‍රශ්නයේදී ඔහුගේ වියදම් සඳහා වන්දි ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.

අසාත් සාලිට එරෙහිව පැමිණිලි කර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන මහත්වරුන් ය. ඔවුන් මෙම නඩුවේ පැමිණිල්ලේ පළමු, දෙවැනි සහ තෙවැනි සාක්කිකරුවෝ ද වූහ. නඩු විභාගයේ දී හෙළි වූවේ අවම වශයෙන් ඔවුහු අසාද් සාලිගේ පුවත්පත් සාකච්ඡාව සම්පූර්ණයෙන් අසා නොති බූ බවය. විකෘති කරන ලද විඩියෝවක් මත පැමිණිල්ල ගොනු වී තිබුණි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තියට අනුව, අත්අඩංගුවට ගැනීමට හේතු වූ පුද්ගලයන්ට අගතියක් වූ විට අධිකරණය මගින් සුදුසු යැයි සිතන පරිදි අධිකරණයට වන්දි ප්‍රදානය කළ හැකිය.

2021 මාර්තු 9 දින සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් යැයි කියමින් මාර්තු 16 දින රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. එතැන් සිට ඔහු රහස් පෙලීසියේ ද, පසුව රැඳවුම් නියෝග මත ද රදවා සිටියේය. එම කාලය අතර, ජනමධ්‍ය හා සාමාජ මාධ්‍ය අසාද් සාලි ට විරුද්ධව ඔහු නොකළ ප්‍රකාශයක් සිදු කළ බව දක්වමින් අතිශය වෛර සහගත කරුණු සමාජගත කළේය.

නඩු විභාගයෙන් පසුව ජනමධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ආණඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් පැවසූවේ ‘දේශපාලන විරුද්ධවාදීන් හීලෑ කර ගැනීම සඳහා විජය කුමරතුංග ඇතුළු පිරිසට එල්ල වූ නැක්සලයිට් චෝදනාව ලංකා ඉතිහාසයේ දේශපාලන අවශ්‍යතාව මත සිදු කළ අපකීර්තිමත්ම නඩු පැවරීම හා රඳවා ගැනීම ලෙස ඉතිහාසගත වී ඇති අතර අද එම ලැයිස්තුවට අසාද් සාලි ගේ නඩුව ද එක්වන බවයි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත විරුද්ධවාදීන් මර්ධනය සඳහා යොදාගන්නා මිලේච්ච සහ යල්පැනගිය නීතියක්. මේ නීතිය නිසා දැන් ලංකාවට ජී.එස්.පී. සහනය අහිමිවීම ඇතුළු මානව හිමිකම් උල්ලංඝණය කිරිම පිළිබඳ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. ලෝකයේ අයි.සී.සී.පී.ආර් නීතිය තියෙන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්නයි. ඒ පනත අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට ලංකාවේ නැවත නැවත භාවිත කෙරෙනවා යැයි ද පැවසීය.

සවිස්තර කතාව
සාලි 2021 මාර්තු 9 වැනි දින සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) සහ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (ICCPR) පනත යටතේ එන වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් මාස නවයකට මදක් අඩු කාලයක් සිරගතව සිටියේය.

ආගමික කණ්ඩායම් සහ ජාතීන් අතර වෛරී සහ එදිරිවාදී හැඟීම් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් කළැයි චෝදනා එල්ල කර තිබුණද, ඔහුගේ සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාව පරීක්ෂා කිරීමේදී එවැනි හැඟීමක් ඇතිවන ආකාරයක් දක්නට නොලැබෙන බව තීන්දුව ලබාදෙමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

අසාත් සාලි කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිරු රූපවාහිනී නාලිකාව තත්පර 32ක් ද, දෙරණ රූපවාහිනී නාලිකාව මිනිත්තු 01යි තත්පර 36ක් ද විකාශය කර ඇති බවත්, එම සම්පූර්ණ මාධ්‍ය සාකච්ඡාවේ දී චූදිත කළ අදහස් දැක්වීම් සහ සංස්කරණය කළ කොටස් දෙක විශ්ලේෂණය කළ බවත්, කොවිඩ් තත්ත්වය යටතේ විද්‍යාත්මක පදනමකින් තොරව දේහයන් ආදාහනය කිරීමට ගත් තීරණය ගැන චූදිත තමන්ගේ අදහස් දක්වා ඇති බවත් තීන්දුවේ සඳහන් වෙයි.

තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් ගැන විවේචනය කිරීම, ත්‍රස්තවාදයට විරුද්ධව කරුණු ඉදිරිපත් කිරීම, එදිරිවාදිකම්වලින් තොරව හැම කෙනෙකුම එකතු විය යුතු බව ආදිය සම්බන්ධයෙන් ද එම මාධ්‍ය සාකච්ඡාවේදී චූදිත අසාත් සාලි අදහස් දක්වා ඇති බව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

මුස්ලිම් පෞද්ගලික නීතිය සහ අනෙකුත් නීති සම්බන්ධයෙන් ද ඔහු සාකච්ඡා කර තිබෙන බවත්, පැමිණිලිකරුවන් සඳහන් කළ ආකාරයට මාධ්‍ය සාකච්ඡාව තුළින් එදිරිවාදී හැඟීම් ඇතිවෙනවාදැයි අධිකරණය සලකා බැලූ බවත්, මුස්ලිම් පෞද්ගලික නීතිය ව්‍යවස්ථාදායකයෙන් ඉදිරිපත් කර ඇති දැනටත් ක්‍රියාත්මක වන නීතියක් බවත්, එය ස්වේච්ඡාවෙන් සංශෝධනය කිරීමට චූදිත විරුද්ධත්වය දක්වා ඇති බවත් සඳහන් කරන මහාධිකරණය, ආගම් හෝ ජාතීන් අතර වෛරී හා එදිරිවාදී හැඟීම් ඇති වන කිසිවක් එම මාධ්‍ය හමුවේදී චූදිත ප්‍රකාශ කර නැති බව හැඟී යන බවත් සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ වසන්ත පෙරේරාගෙන් මහාධිකරණ විනිසුරුවරයා කරුණු විමසා සිටි අතර, 17.2 යටතේ කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන්ට විරෝධයක් නැතත් පැමිණිලිකරුවන් ගෙන්වා ඔවුන්ගෙන් විමසීමක් කරන ලෙස ඉල්ලා සිටියේය. ඒ අනුව අසාත් සාලිට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළ තිදෙනාට ලබන පෙබරවාරි 21 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය.

දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා සිටි අසාද් සාලි වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස දිගින් දිගටම රජයට බලපෑම් කරනු ලැබීය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුරුත්තෙට්ටුවෙ හාමුදුරුවොත් රුක්ෂාන් බෙල්ලනත් අසූචි නා ගත්තු ඌරෝ… GMOA උප ලේකම් නවීන් සොයිසා 

Next Post

ධනංජය 153යි… ඇඹුල් 25යි… ධනංජය ඇඹුල් එක්ක තනි සටනක…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.