යාපනය, උකවරුරායි පාරේදී මෝටර් රථයක් සහ යතුරුපැදියක් ගැටීම නිසා ඊයේ කාන්තාවන් දෙදෙනෙක් මිය ගියහ.
අනතුරට පත් වූ යතුරුපැදියේ කාන්තාවන් දෙදෙනා ගමන් කර ඇති අතර යතුරුපැදිය මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී තිබේ. අනතුර සිදු වූ මොහොතේම එක් කාන්තාවක් මිය ගොස් ඇති අතර අනෙක් කාන්තාව රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇත.
මෝටර් රථයේ ගමන් ගත් තවත් සිව් දෙනෙකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
ඉන් එක් අයෙකු අසාධ්‍ය තත්ත්වයේ පවතින බව පොලිසිය පවසයි.