ගෑස් මිල ළඟදීම අඩුවෙනු ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක ඊයේ (01) කියා සිටියේය.
එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය ආමන්ත්‍රණය කරමින් සාගල රත්නායක මේ බව කියා සිටියේය.
කෝටා ක්‍රමයට ඉන්ධන නිකුත් කිරීම ද ඉදිරියේ දී වෙනස් කිරීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින්,
අද ඒ උද්ඝෝෂණ ඉවරයි. අරගල ඉවරයි. රුපියල ශක්තිමත් වෙන්න පටන් ගත්තා. ජනාධිපති රට භාරගද්දි සියයට 70කට තිබුණ උද්ධමනය ගිය මාසේ අග වෙද්දි සියයට 50.3කට ආවා. අප්‍රේල් මාසයේ 30 වෙද්දි සියයට 35ක් දක්වා අඩුවුණා. මේ වර්ෂයේ අගවෙද්දි ඒක තනි ඉලක්කමකට ගන්න අපි උත්සාහ කරනවා. IMF එක කියන්නේ ඒකට ලබන වසර වෙනකල් අපිට කල්ගන්න පුළුවන් කියලා. බඩුමිලත් අඩුවුණා. තෙල් මිලත් අඩුවුණා. තව ටික දවසකින් අපි බලාපොරොත්තු වෙනවා ආපහු ගෑස් මිලත් අඩුවෙයි කියලා. මේ වගේ අපේ රට ස්ථාවර වෙන්න පටන් ගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අපි ගිවිසුම් ගතවීමත් සමග තවත් බොහෝ දොරවල් විවර වුණා.”