අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව EPF එක, ETF එක, බැංකු පද්ධතියේ ඇති ජනතාවගේ තැන්පතුවලට කරන්න යන විනාශය අනුර තේරෙන භාෂාවෙන් කියයි!

by editor
මැයි 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter
  • රාජ්‍ය ණය කෝටි විසි හත් ලක්ෂයයි… ඉන් කෝටි 14 ලක්ෂයක් විදේශීය ණය. කෝටි 13 ලක්ෂයක් දේශීය ණය.

  • දේශීය ණය අරන් තියෙන්නේ රාජ්‍ය, වාණිජ බැංකුවලින් සහ EPF එකෙන්… අණ්ඩුව ගත්ත මුලු දේශීය ණයවලින් තුනෙන් එක්ක අරන් තියෙන්නේ  EPF එකෙන්… EPF තැන්පතුවල සියයට 96ක් ආණ්ඩුව ණය ලෙස අරන්…

  • ජනතාවගේ තැන්පතු ලෙස පවතින මහජන බැංකුවේ තැන්පතුවලින්   සියයට 53ක්. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුළු තැන්පතුවලින් සියයට 65ක්   මහජන බැංකුවේ මුලු තැන්පතුවලින් සියයට 38ක් තියෙන්නෙ ආණ්ඩුවට ණය දීලා.

  • ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා කපන්න හදන්නේ මේ මහජන මුදල්…

දේශීය ණය කප්පාදුව යන වචනය තුළ ඇති බිහිසුණු ඇත්ත වන්නේ සේවක අර්ථසාධක අරමුදල. සේවක භාරකාර අරමුදල, රාජ්‍ය බැංකු පද්ධතියේ භාරකරත්වය යටතේ තිබෙන  මහජන තැන්පත් ධනය ආණ්ඩු විසින් සොරකම් කළ ධනයට හිලවු  කර කපා හැරීමේ  නින්දාසහගත උත්සාහයක් බව ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේය.

ඊයේ කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසල පැවති මැයි දින රැළිය අමතමින් බැංකු පද්ධතිය, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ව්‍යසනයට පත්වන ආකාරය පිළිබඳව ඔහු සංඛ්‍යාලේඛන සහිත විස්තරයක් ජනතාව වෙත ඉදිරිපත් කළේය.

ඒ පිළිබඳව ඔහු කළ හෙළිරව්ව මෙසේය.

දැන් ණය කප්පාදුව පිළිබඳ සාකච්ඡාවක් තියනවා.  පහුගිය දවස්වල ආඩම්බරයෙන් කිව්වා අපි ලෝකයෙන් ණය අරන් තියනවා. ලෝකයෙන් ගත්ත ණය කපා හැරිම සඳහා චීනයත් එක්ක කතා කරනවා. පැරිස් ක්ලබ් එකත් එක්ක සාකච්ඡා කරනවා. ජාත්‍යාන්තර ස්වරෛී බැඳම්කර ගත්ත අයත් එක්ක සාකච්ඡා කරනවා. ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරනවා. ජපානයත් එක්ක සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනවා විතරක් නෙමෙයි, ණය කපා හැරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යාන්තර සමාගමකුත් ගත්තා හයර් එකට. ඩොලර් ලක්ෂ පනහක් දීලා.

දැන් විදේශීය සමාගමක් අරන් තියනවා ඩොලර් ලක්ෂ පනහක් දීල. ඒ අය ජාත්‍යාන්තරයත් එක්ක ණය කපන්න කතා කරනවා. කට්ටිය බලන් හිටියා විදේශීය ණය කපයි කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පහුගිය දා නිව්යෝක්වලට ගියා මහ බැංකු අධිපතිවරයාත්, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත්. ඒකට තාක්ෂනය මගින් සම්බන්ධ වුනා රනිල් වික්‍රමසිංහ. මොකක් දු වුනේ. ජාත්‍යාන්තර ණය කපන්න කලින් ආණ්ඩුව අරන් තියන දේශීය ණය කපන්න. මොකද ආණ්ඩුවේ ණය  තියනවා ට්‍රිලියන 27ක්. ඔක්කොම ණය තියනවා ට්‍රිලියන 30ක්. ට්‍රිලියනක් කියන්නෙ කෝටි ලක්ෂයක්. දෙසැම්බර් මාසයේ 31 වැනිදා වනවිට කෝටි තිස් ලක්ෂයයි. ජනගහණය දෙකෝටි විසි ලක්ෂයයි.

ආණ්ඩුවෙ ණය කෝටි විසි හත් ලක්ෂයයි. මේ කෝටි විසි හත ලක්ෂයෙන් ආසන්න වශයෙන් ගත්තොත් කෝටි ලක්ෂ 14ක් විදේශිය ණය. රුපියල් කෝටි දහතුන් ලක්ෂයක් දේශීය ණය.

දේශීය ණය කප්පාදුව. ආණ්ඩුවට කවුද ණය දීලා තියෙන්නෙ. මහ බැංකුව ණය දීලා තියනවා. ලංකා බැංකුව මහජන බැංකුව, ඉතිරිකිරිමේ බැංකුව ඇතුළු වාණිජ බැංකු සහ මූල්‍ය සමාගම් ණය දීලා තියනවා.

මේ ණය වලින් තුනේන එකකට වඩා ණය දීලා තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල. දැන් මොකක්ද යෝජනා කරන්නේ. ආණ්ඩුවට දීලා තියන දේශීය ණය ඉස්සරවෙලා කපන්න.

මේ අප්‍රේල් මස ණය කපන සැලැස්ම හදන්න ඕන. මැයි මාසයේ ණය කපන්න පටන් ගන්න ඕන. මොකක් දියන්නේ. මේ ණය දීලා තියනවා ලංකා බැංකුව. ලංකා බැංකුවේ මුලු තැන්පතුවලින් සියයට 53ක්.  තැන්පතු බිලියන 3357ක් තියනවා. ඒකෙන් බිලියන 1566ක් දීලා තියෙන්නේ ආණ්ඩුවට. භාණ්ඩාගාර බැඳුම්කරවල. භාණ්ඩාගාර බිල්පත්වල.

දැන් මොකක්ද කියන්නේ. ලංකා බැංකුවෙ ජනතාව තැන්පත් කරලා තියනවා බිලියන 3357ක් . මේ ජනතාවගේ තැන්පතුවල භාරකාරිත්වය දරනවා ලංකා බැංකුව. ඒ අය තැන්පතුවල සල්ලි  ආයෝජනය කරලා තියනවා භාණ්ඩාගාර බිල්පත්වල.  ආණ්ඩුව කියනවා දැන් ඒ ණයට දුන්න සල්ලි කපනවා කියලා.

ලංකා බැංකුවෙන් ආණ්ඩුව ගත්ත ණය ප්‍රමාණය සියයට 53ක්. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ මුළු තැන්පතුවලින් සියයට 65ක් තියෙන්නේ ආණ්ඩුවට ණය දීලා. මහජන බැංකුවේ මුලු තැන්පතුවලින් සියයට 38ක් තියෙන්නෙ ආණ්ඩුවට ණය දීලා. මේ බැංකුවල තියෙන්නේ මහජන තැන්පතු. ඒ සල්ලි මොවුන් කප්පාදු කරන්න හදනවා.

මේ කප්පාදුව ලංකාවෙ ප්‍රසිද්ධ පුද්ගලික බැංකු දෙකක් දැනටමත් මේක ප්‍රතික්ෂේප කළා. රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙදි තර්ජනය කරනවා මේක කරන්න බැරිනම් ආර්ථිකය බැංකුවලට භාර ගන්නලු.

මිනිස්සු බැංකුවල සල්ලි තැන්පත් කරලා තියනවා. ඒ සල්ලි බැංකු ආණ්ඩුවට ණයට දීලා තියනවා. ආණ්ඩුව ඒ සල්ලි හොරකම් කරලා තියනවා. දැන් ඒ සල්ලි කපන්න යනවා. මේ තීරණයෙන් මුලු බැංකු පද්ධතියම විනාශ වී යෑම වළක්වන්න බෑ.

ආණ්ඩුවට දුන්න මුළු ණය මුදලින් තුනෙන් එක්ක වගේ තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදලින් දීපු ණය. සේවක අර්ථ සාධක  අරමුදලින්   සියයට 96ක් ණය දීලා තියෙන්නේ ආණ්ඩුවට. සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි තියන්නේ වැඩකරන ජනතාවගේ සල්ලි.

සේවක අර්ථ සාධක අරමුදලේ බිලියන තුන්දාස් පන්සියයක් ආණ්ඩුවට ණය දීලා තියනවා. ඒ කියන්නේ කෝටි තුන් ලක්ෂ පනස් දාහක්. දැන් කියන්න හදන්නේ මොකක් ද?. ඒ සේවක අර්ථසාධක අරමුදලෙන් ආණ්ඩුව ගත්ත ණය කපා හරින්න හදනවා.

සේවක අර්ථසාධක අරමුදල කියන්නේ වැඩ කරන ජනතාවගේ සල්ලි. මාස් පතා පෞද්ගලික අංශ සේවකයින්ගේ  පඩියෙන් සියයට 8ක් කපනවා. 12ක් ස්වාමියා ගෙවනවා. සියයට විස්සක් සේවක අර්ථ සාධක අරමුදලට එනවා. ඒ සල්ලි භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරමින්  ආණ්ඩුවට ණයට දෙනවා.  දැන් ආණ්ඩුව ගත්ත ඒ ණය කපන්න හදනවා.

ඒ කියන්නේ මොකක් ද?. රනිල් වික්‍රමසිංහලා උපයා ගත්ත ධනය නෙමෙයි.  වැඩ කරන   සේවකයගේ ධනය කපලා දාන්න හදනවා.

අධ්‍යාපනය සඳහා වැයවන වියදම් කපා දමන්න සියලුම සැලසුම් හදා ඇති බවත් අනුර කුමාර දිසානායක පැවසුවේය. මොරටුවේ ඉංජිනේරු තාක්ෂ විද්‍යාලයෙ, වැල්ම්පිටිය දෙමටගොඩ මෝටර්රත ඉංජිනේරු තාක්ෂණ ආයතනය, රත්මලාන ඉංජිනේරු තාක්ෂණ ආයතනය, වැනි ආයතනවල මෙතෙක් නොමිලේ කළ පාඨමාලා නවත්වා එම පාඨමාලාවන් සඳහා මුදල් අය කිරීම මේ වසරේ සිට ආරම්භ කර ඇති ආකාරය ඔහු පෙන්වා දුන්යේ.

විදේශ සංචිත ශක්තිමත් කරගැනීම සඳහා කරන මෙම විකිණීම ආර්ථික ප්‍රතිපත්තියක් නොවන බවත් හිඟකම බවත් අනුර කුමාර දිසානායක පැවසුවේය. ගිය වසරේ මිලියන දහ නව දහස් හාරසීය දයක ලාභයක් ලැබූ රක්ෂණ සංස්ථාවත්, මිලියන දහතුන් දහස් අටසීය  හතලිස් හතරක්  ලාභ ලැබූ ටෙලිකොම් ආයතනයත්, මිලියන දෙදහස් තුන්සිය තිස් තුනක් ලාභ ලැබූ ලංකා හොස්පිටල් ආයතනයත්, ගෑස් සමාගම, වෝටර්ස්එජ්  හෝටලය වැනි ආයතනත් විකුණා ගන්නට හදන්නේ ලබන ඡන්දය වනතුරු රට දුවාගන්න බව ඔහු පැවසුවේය.

“මේ මොකක්ද කරන්නේ. මේ ආර්ථික ප්‍රතිපත්තියක් නොවෙයි. ආර්ථික සැලැස්මක් නොවෙයි. විකුණා ජීවත් වීම. මේ ටික විකුණලා ඩොලර් බිලියන 04ක් හොයනවලු. හොයලා අවුරුද්දකින් ඒක වියදම් කරලා විකුණන්න තව දෙයක් හොයනවා. මේ දියත් කරන්නෙ  ආර්ථික සැලැස්මක් නොවෙයි. හිඟනකමට වැටුණු රටක විකුණගෙන කා ජීවත් වීම.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පැදගෙන ආ යතුරුපැදිය මෝටර් රථයක හැපී යාපනයේ කාන්තාවන් 2ක් මරුට

Next Post

ඔස්ට්‍රේලියානු  හදවත් දිනූ Master Chef  වැඩසටහන මෙහෙය වූ  සුප්‍රසිද්ධ සූපවේදියා හදිසියේ මිය යයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.