පසුගිය වසරේ ජනවාරි 31 දා නිකුත් කළ පාස්කු විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාවෙන් අපරාධ නඩු පවරන ලෙස නිර්දේශ කළ සියලුම නිලධාරීන්ටට එරෙහිව පැවරෙන සියලු නඩු නිසියාකාරව සිදුනොවීමත් ඔවුන් සියලු දෙනා සම්පූර්ණයෙන්ම මුදා හැරීමත් බොහෝ දුරට සිදුවනු ඇති බවට වූ කණස්සල්ල ප්‍රකාශ කරන බව පාස්කු ඉරුදින ප්‍රහාරයට යුක්තිය ඉටුකරගනු සඳහා වන රදගුරු තුමන්, පියතුමන් සහ නිතිඥයින්ගෙන් යුතු විශේෂ ජාතික කතෝලික කමිටුව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටී.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුවීම කිසිම දිනක සිදුනොවෙතැයි සිතන තරමේ බරපතල සැකයක තමන් පසුවන බව පවසන එම කමිටුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්ද කොළඹ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිදොස් කොට නිදහස් කිරීමට පෙර පටන් නීතිපති දෙපාර්තමේන්තුව නඩුව ගොනු කළ ආකාරය නිසා චූදිතයන් නිදොස් කොට නිදහස්වන බවට නීති විශේෂඥයන්ගේ පුරෝකථන මාධ්‍යයන්හි සංසරණය වූ ආකාරය පෙන්වා දෙයි.
අපරාධමය පැහැරහැරීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීම පිළිබඳව සලකා බලන ලෙස පාස්කු කොමිෂන් සභාව ඉතා පැහැදිලිව නිර්දේශ කර තිබිය දී ඒ පිළිබඳව සලකා බැලීමටවත් පියවර නොගැනීමත්, හිටපු පොලිස්පතිවරයාට හා පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවේ රජයේ සාක්ෂිකාරයෙක් ලෙස නියෝජ්‍ය පොලිස්පති ලිලන්ත ජයවර්ධන නම් කිරීමත් මෙම කමිටුව විසින් ප්‍රශ්න කර තිබේ.
පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශනය සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් නිකුත් කෙරුණු වාර්තාවේ ඉතිරි වෙළුම් ලබා දෙන ලෙසත්, විශ්වාසය පාවා දෙන ආකාරයෙන් තවදුරටත් ක්‍රියා නොකරන ලෙසත් ඔවුන් එම නිවේදනයේ සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වේ.