දිනසේන රතුගමගේ –
යාපනයේදී පාසල් සිසුවියන් දෙදෙනෙකුව ලිංගික අපයෝජනයට ලක් කළ බස් රථ රියදුරෙක් හා රිය සහායකින් ඇතුළු පස් දෙනෙකු යාපනය පොලීසිය විසින් 17 දා අත් අඩංගුවට ගෙන තිබේ.
මුලතිව් පුදුකුඩීරිප්පු ප්‍රදේශයේ සිට යාපනයට ගිය වයස අවුරුදු 15 ක් හා 16 ක් වූ මෙම සිසුවියන් දෙදෙනා බස් රථ සේවකයින් විසින් අසල පිහිටි පාලු ප්‍රදේශයකට රැගෙන ගොස් ඔවුන්ට ලිංගික අතවර සිදු කොට තිබේ.
මහජනතාවගෙන් ලද තොරතුරක් මත පොලීසිය ගොස් සැකකරුවන් අත් අඩංගුවට ගෙන යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් පස් දෙනා සැප්තැම්බර් මස 1 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝගය කර ඇත
එමෙන්ම බස් රථ සේවකයින් සමග අනාචාරයේ හැසුරුණු පාසල් සිසුවියන් දෙදෙනාද අත් අඩංගුවට ගෙන රෝහල් ගත කොට වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට ඇත.
යාපනය පොලීසිය මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.







