සුමිත් පොතුපිටිය –
පොතුපිටිය මහා විද්‍යාලයේ වෙළෙඳ ප්‍රදර්ශනයක අලෙවිය සඳහා තබා තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු සොසේජස් සහ රසකැවිලි ඇතුළු ආහාර තොගයක් භූමිතෙල් දමා පුලුස්සා විනාශ කල බව වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි .
වෙළද ප්‍රදර්ශනයක මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කරන බවට ලද තොරතුරක් මත වාද්දුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීනියගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් කණ්ඩායමක් ඊයේ රාත්‍රි වැටලීම කර තිබේ.
මෙහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු අන්දමින් ස්වස්ථතා නීතිය කඩකරමින් එකී ආහාර ද්‍රව්‍ය අලෙවියට සූදානම් කර තිබූ බව වැටලීමට එක්වූ නිළධාරියෙක් කීය.
අප කළ විසිමක දි කළුතර කොට්ඨාස අධ්‍යාපනය අධ්‍යක්ෂක යූ. අබේනායක පැවසුවේ විදුහල්පතිනීයගේ නිර්දේශය මත කලාප කාර්යාලයේ නිර්දේශ වලට අනුව මෙම ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දුන් බවය. සිදුවීම පිළිබඳව සොයාබැලීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවේය.







